27 April 2024
#දේශීය

සමාජ අරගලය අසාර්ථක වූ විට ඒ පිටුපස සිටි කණ්ඩායම් ආගමික අරගලයකට සූදානම් වෙනවා – ඇමති ප්‍රසන්න  

සමාජ අරගලය අසාර්ථක වූ විට ඒ පිටුපස සිටි කණ්ඩායම් ආගමික අරගලයකට සූදානම් වෙන බවත් එයත් අසාර්ථක වුවහොත් ඔවුන් රට තුළ ජාතිවාදය වපුරනු ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් ලද කැදවීමකට අදාළව අද (2) එම කොමිසමට පැමිණි අවස්ථාවේදීය.

කවුරු නහයෙන් හැඬුවත් රට අරාජික කරන මෙවැනි කණ්ඩායම්වලට විරුද්ධව රජය තදින් කටයුතු කළයුතු බව හෙතෙම පැවසිය.

එමෙන්ම වෛරී ප්‍රකාශ පතුරන හා මිනිස්සු කුලප්පු කරවන මිනිස්සුන්ට හා කණ්ඩායම් වලට එරෙහිව ගම්මට්ටමින් මිනිස්සු නැඟී සිටිය යුතු බවද හෙතෙම අවධානය කළේය.

ඉකුත් වසරේ මැයි මස 9 වැනිදා අරගල කරුවන් විසින් උඩුගම්පොළ පිහිටි සිය නිවස ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් මීට පෙර ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිසමට පැමිණිලි කර තිබුණි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *