27 April 2024
#දේශීය

මහින්දට ප්‍රශ්ණයක් තියෙනවානම් අපෙන් අහන්න – nytimes

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ වාර්තාකරණය පිලිබඳ ගැටළුවක් ඇත්නම් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට බලපෑම් නොකර නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ජේෂ්ඨ කතෘවරුන්ගෙන් විමසන ලෙස නිව්යෝක් ටයිම්ස් පුවත්පත අද (03) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන් ශ්‍රී ලාංකීක නිව්යෝක් ටයිම්ස් පුවත්පතට සම්බන්ධ මාධ්‍යවේදීන්ට මේ වන විට බලපෑම් කිරීමට කටයුතු කරන බව වාර්තා වන බවයි.

යහපාලන ආණ්ඩුව විසින් පවත්වා ගෙන යනු ලබන ජනමාධ්‍ය නිදහසට අනුව මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමුව ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් එවැනි තොරුතුරු ලබා දීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව රජය විසින් තහවුරු කරන්නේ දැයි රජයෙන් විමසන එම නිව්යෝක් ටයිම්ස් පුවත්පත මාධ්‍යවේදින් බියගැන්විම වැනි ක්‍රියා තරයේ හෙලා දකින බව ද එහි සඳහන් කර තිබේ.

නිව්යෝක් ටයිම්ස් පුවත්පත නිකුත් කළ නිවේදනය පහත පරිදි වේ. 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *