27 April 2024
#සංවර්ධන

පලතුරු තාක්ෂණික ප්‍රදර්ශනය 7 වනදා හොරණදී

හොරණ කණන්විල පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ පලතුරු තාක්ෂණික ප්‍රදර්ශනය ජුලි 7-9 දක්වා පැවැත්වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ශ්‍රමශක්ති වැඩපිළිවෙලට සහයෝගය පල කරමින් හොරණ කණන්විල පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් සංවිධානය කරන පලතුරු තාක්ෂණික ප්‍රදර්ශනය මෙම මස 07 සිට 09 දක්වා එම පර්යේෂණ ආයතනය පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම පලතුරු තාක්ෂණික ප්‍රදර්ශනයේ දී පලතුරු අලෙවි කිරීම, පලතුරු වලින් සකසා ගන්නා ආහාර පාන මෙන්ම පලතුරු පැළ අලෙවි කිරීමත් පලතුරු වගාව පිළිබඳ තාක්ෂණික දැනුම ලබා දීමත් සිදු කෙරේ. එමෙන්ම පලතුරු වගාවේ දී පටක රෝපණ තාක්ෂණ භාවිතය අස්වැන්න නෙලීම හා ගබඩා කිරීම, රෝග පළිබෝධ පාලනය වසවිසෙන් තොරව පලතුරු ඉදවීම, අපනයනය සඳහා පලතුරු නිපදවීම මෙන්ම ආහාර සුරක්ෂිතතාව වැනි කරුණු ගණනාවක් කෙරෙහි මෙම ප්‍රදර්ශනයේ දී අවධානය යොමු කර ඇත.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *