27 April 2024
#දේශීය

ලිංමැඩි නීති ගෙනාවොත් Google, Facebook, YouTube, TikTok සමාගම් ලංකාවේ ඉන්න එකක් නෑ – ආචාර්ය හර්ෂ

Google, Facebook, YouTube, TikTok, Instagram වැනි ජාත්‍යන්තර සන්නිවේදන සමාගම්වල ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාව තුළ නියාමනය කිරීමට උත්සාහ කිරීම හමුවේ මෙම සමාගම් ශ්‍රී ලංකාව හැරයාමේ තර්ජනයක් ඇතිවිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (19) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමිනි.

එහිදී මන්ත්‍රීවරයා පැවසුවේ ඔන්ලයින් සේෆ්ටි යැයි ආණ්ඩුව නිකුත් කර ඇති ගැසට් පත්‍රයේ මගින් එමගින් මූලික මූලධර්ම උල්ලංඝනය කරන බවයි. එසේම තොරතුරු තාක්ෂණ සමාගම් ලංකාවට එන එක නතර කරන්න මේ නීතිය හේතුවෙන බව හෙතෙම පැවසිය. මේක මේ ක්ෂේත්‍රයේ ආයෝජන වලට මරු පහරක් බවත් මේ ගෝත්‍රික නීතියට අපි විරුද්ධ විය යුතු බව මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කලේය.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම සඳහාද ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීම පිණිස විධිවිධාන සැලසීම සඳහාද මෙම පනත් කෙටුම්පත යොදා ගන්නා බව මෙම ගැසට් නිවේදනයේ සඳහන්ය. මෙම ගැසට් නිවේදනයේ දිනය ලෙස සඳහන් වන්නේ 2023 සැප්තැම්බර් 15 වනදායි.

මෙමගින් භාෂණයේ නිදහස උල්ලංඝනය වන බවත් ජනතාවට නිදහසේ අදහස් පළ කිරීමේ මූලික අයිතිය තිබිය යුතු බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය. එසේම, මෙම ගැසට් නිවේදනය මගින් ජාත්‍යන්තර සන්නිවේදන සමාගම් නියාමනය කිරීමට ශ්‍රී ලංකාව තුළ කොමිසමක් පිහිටුවීමට යෝජනා කර තිබෙන බව මන්ත්‍රීවරයා අනාවරණය කළේය.

ලෝකයේ ක‍ෘත්‍රිම බුද්ධිය වැනි තාක්ෂණයන් වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන කාලයක මෙවැනි යල් පැනගිය ලිංමැඩි නීති හඳුන්වාදීම මගින් රට තව තවත් ආපස්සට ගමන් කරන බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුන්නේය.

මෙම සමාගම් ඔස්සේ ශ්‍රී ලංකාවේ විශාල තරුණ පිරිසක් ආර්ථික කටයුතුවල යෙදෙමින් රටට සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් උපයාදෙන බවත් මෙවැනි නියාමන ක්‍රියාමාර්ග මගින් එවැනි අවස්ථා මෙරට ජනතාවට නැතිවී යා හැකි බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *