27 April 2024
#දේශීය

දේශීය ණය ප්‍රශස්තකරණයෙන් සේවක අරමුදල් ගැන ඇති වූ සැකය අද පහව ගිහින් – වැඩ බලන මුදල් අමාත්‍ය රංජිත්

දේශීය ණය ප්‍රශස්තකරණය යටතේ සේවක අරමුදල්වලට කිසිදු අහිතකර බලපෑමක් ඇති නොවන බව ප්‍රායෝගිකව තහවුරු වී ඇතැයි වැඩ බලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ සේවා නියුක්තියෙන්ගේ භාර අරමුදල් මණ්ඩලය විසින් එහි සාමාජිකයන්ගේ දරුවන් වෙනුවෙන් වෘත්තීය අධ්‍යාපනය ලබා දීම වෙනුවෙන් හඳුන්වා දුන් නිපුණතා සවිය මූල්‍ය ශිෂ්‍යත්ව වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට අද (19) එක් වෙමිනි.

විවිධ පාර්ශ්ව විසින් ඒ සම්බන්ධයෙන් නිර්මාණය කිරීමට උත්සහ කළ ප්‍රචාරයන් අද වන විට අසත්‍ය බව ජනතාවට පසක් වී ඇති බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 83ක් පමණ වන අතර ඉන් විදේශ ණය ප්‍රමාණය බිලියන 41ක් පමණ වේ. එය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට පියවර ගත් අතර බිලියන 42ක් වූ දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමු වූ බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ. ඒ අනුව දේශීය ණය ප්‍රශස්තකරණයට රජය පියවර ගත් අතර ඊට එරෙහි වූවන්ගේ ප්‍රධාන සටන් පාඨය බවට පත් වූයේ සේවක අර්ථසාධක අරමුදල්වල හානි එමගින් හානි සිදු විය හැකි බවයි.

දැනට ලක්ෂ 26ක පමණ පිරිසක් සේවා නියුක්තියන්ගේ භාර අරමුදලේ සාමාජිකත්වය දරන අතර ලක්ෂය පමණ පිරිසක් එහි ප්‍රතිලාභීන් බවට පත්ව ඇතැයි හෙතෙම පැවසුවේය.

එබැවින් ප්‍රශස්තිකරණය යටතේ මෙම අරමුදලට බලපෑම් එල්ල වන බවට වන ප්‍රචාරයන් වඩාත් ඉක්මණින් ජනතාව විශාල පිරිසක් අතට යැවීමේ හැකියාව තිබූ බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් අරමුදල වෙනුවෙන් වූ වාර්ෂික පොලී අනුපාතය 2026 වසර දක්වා 9% මට්ටමේ පවත්වාගෙන යාමට රජය සහතික වී ඇති තත්ත්වයක් තුළ එම වැරැදි මතවාදයන් පරාජයට පත්ව ඇති බව හෙතෙම කියා සිටියේ ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *