• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනි ගැනීම් වැනි දේ යළි සිදුවුවහොත් එයට මුහුණ දීමට පියවර ගන්න – ඇමැති මහින්ද

2 July 2021
in දේශීය

එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනි ගැනීම වැනි සිදුවීම් නැවත සිදුවුවහොත් ඊට මුහුණ දීමට හැකි සියලු අතිනවීන උපකරණ වරායේ සවි කිරීමට පියවර ගන්නා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාල අංශවලට උපදෙස් දුන් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (01) මහරගම අපේක්ෂා රෝහලේ පැවැති වැඩ සටහනකට සහභාගි වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කළේය “කොළඹ වරාය ලොව ඇති හොඳම වරායවලින් එකක්. ඒ නිසා තමයි එක්ස්ප්‍රස් පර්ල් නැව ඔවුන් මුහුණ දී තිබු ගැටළුව විසඳා ගැනීමට අපේ වරායට ආවේ. නමුත් තොරතුරු ලබා දීමේ දී කිසියම් ප්‍රමාදයක් සිදුව ඇති පෙනෙනවා. ඒ කොහොම වුනත් නැවත අපේ සාගර කළාපය තුළ මෙවැනි තත්ත්වයක් සිදු නොවීමට වග බලා ගන්නා ලෙස අතිගරු ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී අදාළ අංශවලට තරයේ අවවාද කළා. ඒ වගේම මෙවැනි හදිසි තත්ත්වයක් මතු වන්නේ නම් ඊට මුහුණ දීම සඳහා සියලු අංශ ශක්තිමත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමන් උපදෙස් දුන්නේ ලොව අනෙක් වරායවල හදිසි ආපදාවක දී භාවිතා කිරීමට ඇති අති නවීන තාක්ෂණික උපකරණ සම්බන්ධව සොයා බලා ඒවා කොළඹ වරායේත් ස්ථාපිත කරන ලෙසයි. මෙම එක්ස්ප්‍රස් පර්ල් නැවේ වැඩිපුරම තිබී ඇත්තේ ප්ලාස්ටික් බහළුම්. නමුත් ඉන්ධන ගෙන්වන නැවක මෙවැනි ගින්නක් හට ගත්තා නම් තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුනා. එමනිසා වරාය මෙන්ම අපේ සාගර කළාපය තුළ නැව් මුහුණ දෙන හදිසි ආපදාවන් හිදී ඉන් එම නැව්වල ගමන් ගන්නා කාර්ය මණ්ඩල හා එහි ඇති සම්පත් මෙන්ම අපේ සාගරික පරිසරය හා වෙරළ ආරක්ෂා කර ගැනීමටත් හැකිවන ආකාරයේ උපකරණ ගෙන්වා වරාය සතු හදිසි ආපදා කළමණාකරණ අංශ ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් සිදුවූ පාරිසරික හානිය අති විශාලයි. ඒ වගේම අපේ රටේ අංශ ගණනාවකට ඉන් බලපෑම් එල්ල වී තිබෙනවා. එම නිසා එම හානිය ගණනය කිරීම මේ වනවිට කමිටු පහකින් සිදු වෙනවා. තවමත් එම කටයුතු අවසන් වී නැහැ. නමුත් පරිසර අමාත්‍යවරයා ලෙස මම දකින්නේ අපේ සාගරික පරිසර පද්ධතියට මෙන්ම වෙරළ කළාපයට සිදු වු හානිය, වායු ගෝලයට සිදු වු හානිය හා මේ නිසා අපේ රටේ මිනිසුන්ගේ මානසික තත්ත්වයට සිදු වු හානිය ගණනය කරන්නේ කොහොමද? කියායි. ඒක ඩොලර්වලින් හෝ රුපියල්වලින් නිශ්චය කළ නොහැකියි. මෙම නැවේ ගින්න නිසා තවමත් අපේ රටේ මිනිස්සු මසුන් අනුභව කරන්නට මැළිකමක් දක්වනවා. මෙම නැවේ තිබු ප්ලාස්ටික් හා රසායනික ද්‍රව්‍ය ගිනි ගැනීම නිසා මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් ඇතිවේවි යැයි ඔවුන් විශ්වාස කරනවා. එම තත්ත්වයන් සම්බන්ධ විද්‍යාත්මක කරුණු පැහැදිළි කිරීමක් අදාල අංශ විසින් තවමත් නිසි පරිදි සිදු කර නැහැ. නමුත් ඊට සම්බන්ධ අංශ නිවැරදි දැනුම මහජනතාවට ලබා දිය යුතුයි. නමුත් අපි රජයක් වශයෙන් මෙවැනි සිදුවීම් යළි ඇති නොවීමට වග බලා ගැනීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

 

Post Views: 8
Previous Post

නාවික බඳවා ගැනීමේ නියෝජිතයින්ගේ සංගමයෙන් බයිපැප් යන්ත්‍රයක් මාතර මහ‌ රෝහලට පරිත්‍යාග කරයි

Next Post

සංචාරක ක්ෂේත්‍රයේ අයටත් කොරෝනා එන්නත් – ඇමැති ප්‍රසන්න

editor

editor

Next Post

සංචාරක ක්ෂේත්‍රයේ අයටත් කොරෝනා එන්නත් - ඇමැති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved