27 April 2024
#දේශීය

මීළඟ නීතිපති ලෙස ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම්ට පාර්ලිමේන්තු සභාව එකඟත්වය පල වෙයි

මෙරට මීළඟ නීතිපතිවරයා ලෙස වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාව පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කර තිබූ යෝජනාවට පාර්ලිමේන්තු සභාව සිය එකඟතාවය පළකළ බව බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසයි. ඒ, අද (20) පාර්ලිමේන්තුවේදී පැවති පාර්ලිමේන්තු සභා රැස්වීමේදීය.

එම රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ධීවර කටයුතු පිළිබඳ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යන මහත්වරු සහභාගී වූහ.

මේ වන විට නීතිපතිවරයා ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ නීතිපති දප්පුල ද ලිවේරා මහතා හට කැනඩාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් යෝජනා කර තිබු බව වාර්තා වන අතර පසුගියදා ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරිනී නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුයේ, එම ධුරය බාර ගැනීම නීතිපතිවරයා විසින් ප්‍රතික්‍ෂෙප කර ඇති බවයි.

එසේම නීතිපතිවරයා පවසා ඇත්තේ එම ධුරය ලබා දීම ආරාධනා කිරීම ගැන ස්තුතිවන්ත වන නමුත් තමන් ලංකාවේ සිටිමින් මෙරට ජනතාවට සේවය කිරීමට කැමති බවයි.

කෙසේ වෙතත් නව නීතිපතිවයාගේ වැඩභාර ගැනීම බොහෝවිට එළැඹෙන සදුදා දින සිදු වනු ඇති බව වාර්තා වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *