• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආණ්ඩුව වැරදි පාරේ යනවානම් හරි පාරට ගෙන ඒම අපගේ වගකීමක් – රාජ්‍ය ඇමැති දුමින්ද

29 March 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආණ්ඩුව වැරදි මාර්ගයක ගමන් කරනවා නම්, ආණ්ඩුවෙන් රටේ ජනතාවට අසාධාරණයක් වෙනවා නම් , ආණ්ඩුව පාර මාරු කරනවා නම් නැවත වතාවක් නිවැරදි මාර්ගයට ආණ්ඩුව ගෙන ඒමේ වගකීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුයි යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ් මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර මැදවච්චිය ප්‍රාදේශීය බල මණ්ඩලය අමතමින්ය, මැදවච්චිය නගරයේ පැවති මෙම හමුව අනුරාධපුර මැදවච්චිය ආසන සංවිධායක හිටපු අමාත්‍යය තිස්ස කරල්ලියද්ද මහතා මෙම බල මණ්ඩලය සංවිධානය කර තිබූ අතර, එහිදී අනුබද්ධ සංවිධාන සඳහා නියෝජිතයින් පත් කර ගැනීමද සිදු විය.

එම බල මණ්ඩලය අමතමින් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේ, ” අපි දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපිට පුළුවන්කම ලැබුණා අර ප්‍රාදේශීය සභා මැතිවරණයේදී අපිට ලැබිච්ච ඡන්ද ලක්ෂ 17 ම අපිට ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට දෙන්න පුළුවන්කම ලැබුණා.ඒ නිසා තමයි ඡන්ද 69 ලක්ෂයකින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ජයග්‍රහණය කර ගෙන අපිට ජනාධිපතිවරයා බවට පත් කරගන්න පුළුවන්කම ලැබුනේ.එහෙම නම් දැන් අපි සන්ධාන ආණ්ඩුවක් අපි හදලා තියෙනවා, හැබැයි අපි මේ සන්ධාන ආණ්ඩුව හැදුවට,අපි පොහොට්ටුව යටතේ තරඟ කළත් දුමින්ද දිසානායකවත් අපිට කතිරය ගහපු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ කවුරුවත්වත් පොහොට්ටුවට ගිහිල්ලාවත්, පොහොට්ටුවාදීන් වෙලා නෑ,අපි පොහොට්ටුවෙන් තරඟ කළ බව ඇත්ත,අපි ආණ්ඩුව නියෝජනය කරන බව ඇත්ත, හැබැයි අපේ පක්ෂය වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය.එහෙම නම් අපි පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රථිසංවිධාන වැඩකටයුතු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනාගත බලය ලබා ගැනීමේ අරමුණ, මේ අපි කාගෙන්වත් ඒක එහාට-මෙහාට ගිහින් නෑ.අපි ඒ නිසා නැවත වතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තිබිච්ච තැනට ගෙන යා යුතු වෙනවා.

අපිට ආඩම්බරයෙන් කියන්න පුළුවන්කම තියෙනවා 1948 ඉඳන් ගත්තම මේ රටේ ජනතා ජයග්‍රහණ ලබා දුන් පක්ෂයක් තියෙනවා නම් ඒ වෙන පක්ෂයක් නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය.බණ්ඩාරනායක මැතිතුමන්ගේ ඉඳන්, මැතිණියගේ ඉඳන්, අද දක්වාම ඒ සියලු ජයග්‍රහණ ලබා දීලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ.ඔබතුමන්ලා- අපිට දැණුනු ලොකුම දේ යුද්ධය.යුධ ජයග්‍රහණයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නම අපිත් කියනවා, යූ.එන්.පීත් කියනවා හැමෝම කියනවා, හැබැයි මහින්ද මහත්තයාගේ සැබෑ අයිතිකාරයා කවුද? ඒ වෙලාවේ මහින්ද මහත්තයා නියෝජනය කලේ මොන පක්ෂයද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් තමයි මේ රටේ යුද්ධය ඉවර කලේ, අද මහින්ද මහත්තයා පොහොට්ටුවේ නායකයා වෙන්න පුළුවන් හැබැයි එවකට මහින්ද මහත්තයාට ඒ හයිය-ශක්තිය ලැබෙන්නේ රටේ යුද්ධය අවසන් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන එක අපි අමතක කරන්නේ නෑ.මේ වගේ ඈත අතීතයට ගියොත් බොහෝ කාරණා තියෙනවා.අද මේ රටේ තියෙන ජනතාවට ලැබිච්ච, පුද්ගලික අංශයට තිබිලා ජනතා කරණය වූ සියල්ල සිදු වුණේ ශ්‍රී ලංකා ආණ්ඩු කාලේ, මැතිණියගේ කාලේ, අද අපි නැවත වතාවක් අර බණ්ඩාරනායක යුගුය මතක් කරනවා.අපි වවාගෙන කෑවා නම් හොඳයි,පිටරටට අපි යට නොවී ඉන්න ඕන, අපේ දේ අපි අගය කරන්න ඕන, දේශීය කර්මාන්ත අපි ශක්තිමත් කරන්න ඕන, පිටරට දේ අපි ප්‍රථික්ෂේප කරන්න ඕන,එහෙම නම් නැවත වතාවක්, අපි ආයේ පාරක් අර බණ්ඩාරනායක ප්‍රථිපත්ති එක්ක තමයි මේ රට ගොඩනගන්න යන්නේ,එහෙම නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපිට මේකේ අයිතියක් තියෙනවා වගේම, අපි දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත වතාවක් ප්‍රථිසංවිධානය කරනවා.ඒ දවස් වල ඉඳන් මම කිව්වා මේ ගමේ මහ ගෙදරින් තමයි තරහා වෙලා ගිහින් තියෙන්නේ,පොහොට්ටුව කියන්නේ අලුත් පක්ෂයක්ද? පොහොට්ටුවට බැඳිලා ඉන්නේ අපිත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳලා එකට කාපූ, බීපූ, මහින්ද මහත්තයාට වැඩියෙන් ආදරය කරලා ඒ පැත්තත් එක්ක ගියපු, මහ ගෙදරින් තරහා වෙලා ගියපු,අපේම පිරිසක් තමයි ඉන්නේ.

එහෙම නම් ශ්‍රී ලංකා නිහස් පක්ෂයේ අපිට වගකීමක් තියෙනවා,ඒ මහ ගෙදර නැවත වතාවක් එකතු කරන එක,ඒ මහ ගෙදර නැවත වතාවක් එකතු කරන එක,අපි ප්‍රථිසංවිධාන වැඩසටහනත් එක්ක බලාපොරොත්තු වෙන්නෙ මෙන්න මේ කියන කාරණාව.මේ ආණ්ඩුවත් එක්ක අපි සම්බන්ධ වුණේ ඇයි,අපි සම්බන්ධ වෙන්න ප්‍රධාන හේතුව, බැරි වෙලා හරි අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට සහයෝගය නුදුන්නා නම් මොකද වෙන්නේ? ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිනනවාද? දිනන්නේ නෑ.අපිට වුවමනාව තිබුනේ මේ රටට සාධාරණය කරන්න, එසේ සාධාරණයක් කරන්න අපිට ඕනකමක් තිබුණේ අපිට බණ්ඩාරනායක හුරුවක් තිබුණා. රට බේර ගත්ත, රට දිනා ගත්ත, රට අගාදයට පත් වෙන කොට එයින් මුදවා ගන්න නායකත්වය ගත්ත ඉතිහාසයත් එක්ක තමයි අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එක්ක හිට ගන්නේ.

අද අපි දන්නවා සමහර වෙලාවට, ආණ්ඩුවට කතිරය ගහපු අපිටත් වඩා සමහර පොහොට්ටුවේ පාක්ෂිකයෝම සමහර දේවල් වලට අද ආණ්ඩුවට දොස් කියනවා.බැරි වෙලා හරි ආණ්ඩුව වැරදි මාර්ගයක යනවා නම් ආණ්ඩුවෙන් රටේ ජනතාවට අසාධාරණයක් වෙනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගකීම වෙන්න ඕන ආණ්ඩුව හරි මාර්ගයට ගේන එක, එහෙම නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අද වගකීමක් වෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව හැදුවා වගේම, මේ ආණ්ඩුව හදන්න 2/3 ක බලයක් අරන් දුන්නා වගේම බැරි වෙලා හරි ආණ්ඩුව වැරදි මාර්ගයක යනවා නම් , ආණ්ඩුව පාර මාරු කරනවා නම් නැවත වතාවක් හරි පාරට මේ ආණ්ඩුව ගේන එකේ වගකීමක් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට.ඒ නිසා අපි කරන්න යන්නේ නැවත වතාවක් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරලා ආසන බල මුලු ගන්වලා, ආසන ශක්තිමත් කරලා,නැවත වතාවක් රට වෙනුවෙන් ඒ සාධාරණය, රට වෙනුවෙන් ඒ තීන්දුව ගන්න එක තමයි අද අපි මේ කරන්නේ.
අපේ වගකීම වෙන්නේ තැන තැන බැණ බැණ ඉන්න එකද? අපි ගත්තොත් අනික් පක්ෂ නායකයෝ වේදිකා හදලා බණිනවා,වේදිකා හදලා බැන්නට රටක් හැදෙන්නේ නෑ, රට හදන්න පාරේ ඉඳලා බැණලා හරියන්නේ නෑ, උද්ඝෝෂණය කරලා හරියන්නේ නෑ,අපි ආණ්ඩුව ඇතුලේ ඉඳන් ආණ්ඩුවේ වැරැද්ද ආණ්ඩුව ඇතුළේ කථා කරලා,අපි හදපු ආණ්ඩුවේ වැරැද්ද මහ පාරේ අපි කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ.අපි හදපු ආණ්ඩුවේ වැරැද්ද හංදියේ අපි කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ,පොළේ අපි කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ,වේදිකා ගහලා අපි කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ,මොකද අපි ආණ්ඩුව ඇතුලේ ඉන්නේ.අපේ වගකීම තියෙන්නේ වරදින තැනදි වැරදියි කියලා කියන එක, යන පාර හරි නැත්නම් හරි නෑ කියලා කියන එක,ඕක නෙමෙයි වෙන්න ඕන මේක කියලා කියලා ඇතුලේ ඉඳන් නිවැරදි කරන එක තමයි අපේ වගකීම වෙන්නේ, අපි ඉන්න ගෙදරින් එළියට බැහැලා ඒ ගෙදරට ගල් ගහන්න බලාපොරොත්තු වෙන්නේ නෑ,හැබැයි අපි ඉන්න ගෙදර හරි පාරේ යවන්න අපි කටයුතු කරනවා.ඒක තමයි අපේ වගකීම, අපි ගෝඨාභය මහත්තයාව ජනාධිපති කෙරෙව්වේ බොහෝ බලාපොරොත්තු ඇතිව, ඉතිහාසයේ කවදාවත් 2/3 ක් ගන්න බැරි වෙලාවක, 2/3 ක ආණ්ඩුවක් මේ රටේ ජනතාව හදලා දුන්නේ බොහෝ බලාපොරොත්තු ඇතිවයි.එහෙම නම් අපි ඒ බලාපොරොත්තු වෙනුවෙන්,මේ ආණ්ඩුව ගෙනියන්න ඕන,ඒ බලාපොරොත්තු වෙනුවෙන් ගෝඨාභය මහත්තයාව ශක්තිමත් කරන්න ඕන,හැබැයි මේ දෙකෙන්ම කියවෙන්නේ නෑ, අපි පොහොට්ටුවට යනවා කියලා හෝ පොහොට්ටුවාදීන් වෙනවා කියලා.එදා බණ්ඩාරනායක මැතිතුමන් බිහි කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගකීම අපි හරි ආකාරව ඉෂ්ඨ කරන්න ඕනකම තියෙනවා.ඒ වගකීම තමයි පක්ෂය ශක්තිමත් කරලා පක්ෂය බළමුළු ගන්වලා නැවත වතාවක් මේ තැනට මේක ගෙනයන වැඩේ අපි හරි ආකාරව කරන්න ඕනකම තියෙනවා. මේ ආණ්ඩුව ශක්තිමත් කරන්නත්,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්නත් හැමෝම අත්වැල් බැඳ ගන්න කියලා ආරාධනා කරනවා යැයිද පැවසීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය. මෙම අවස්ථාවට ශ්රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් වන මැදවච්චිය ආසන සංවිධායක හිටපු අමාත්ය තිස්ස කරල්ලියද්ද, මිහින්තලය ආසන සංවිධායක හිටපු පළාත් සභා අමාත්ය සරත් ඉලංගසිංහ, බටහිර ආසන සංවිධායක හිටපු ප්රාදේශීය සභා සභාපති නලීන් දිසානායක, නැගෙන ආසන සම සංවිධායකවරුන් වන හිටපු නියෝජ්යය නගරාධිපති පේමසිරි හෙට්ටිආරච්චි , හිටපු ප්රාදේශීය සභා සභාපති ඩී.පී බන්දුලසේන හා අනුරාධපුර දිස්ත්රික් සංවිධායක හිටපු පළාත් සභා මන්ත්රී එම්.ආර්.බී. ඥාණතිලක යන මහත්වරුන් හා අනුරාධපුර දිස්ත්රික් ශ්රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මන්ත්රී සංසදයේ සභාපති තිරප්පනය ප්රාදේශීය සභා සභාපති රොෂාන් ඉලංගසිංහ මහතා ඇතුළු නිළධාරි මණ්ඩලට හා පළාත් පාලන ආයතන මන්ත්රීවරුන් හා පාක්ෂිකයින් පිරිසක් සහභාගී වූහ.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 1
Previous Post

විදුලි සැර වැදී අයෙකු මරුට

Next Post

යෝධයාව නැගිට්ටවන්න ලැස්තියි බව හිටපු ජනපති මෛත්‍රිපාල කියයි

editor

editor

Next Post

යෝධයාව නැගිට්ටවන්න ලැස්තියි බව හිටපු ජනපති මෛත්‍රිපාල කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved