• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අඩු ආදායම්ලාභීන්ට අසාධාරණයක් වෙනවා නම් පක්ෂයක් හැටියට පෙනි සිටිනවා – මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන

27 June 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රටේ අඩු ආදායම් ලබන පිරිසට අසාධාරණයක් වෙනවා නම් ඒ පිළිබඳව අපි පක්ෂයක් හැටියට පෙනි සිටිනා බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (27) ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා, “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපේ පක්ෂය කඩාවැටිලා, විනාශ වුණා කියන ප්‍රචාරය පහුගිය කාලයේදී එක එක විරුද්ධ පක්ෂවලින් ඉදිරිපත් කළත් අපි ගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘවරයා හැටියට බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මඟපෙන්වීම යටතේ, ඒ වගේම ගරු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ අපි පක්ෂයක් හැටියට සියලුම වැඩකටයුතු ප්‍රවර්ධනය කරන්න ආරම්භ කළා. ඒ අනුව මේ වන කොට ආසන බලමණ්ඩල ඉතා සාර්ථකව කළා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා අගෝස්තු මාසයේ අග වෙනකොට අපි සියලුම ගම් මට්ටමේ ශාඛා සමිති ටික ප්‍රතිසංවිධානය කරන්න. අපි ඊලඟ සතියේදී බලාපොරොත්තු වෙනවා සියලුම දිස්ත්‍රික් බල මණ්ඩල කැදවන්න. ඒ අනුව ඉතාම සූක්ෂම ආකාරයෙන්, ඉතාම විධිමත්ව සැලසුම් සහගතව අපේ පක්ෂය ඉදිරියට අරගෙන යනවා. කවුරු මොනවා කිව්වත් අදත් බිමේ තිබෙන ශක්තිමත්ම පක්ෂය ශ්‍රී ලංකා පොදුාජන පෙරමුණ, අපි ඉතා පැහැදිලිව ප්‍රකාශ කරනවා පහුගිය දිනවල තොරතුරු සහ පරිසරය දිහා බැලුවාම ඒ බව පේනවා. ඒ ව‍ගේම හුඟදෙනෙක් අදහසවෙලා තිබෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කඩලා දාලා විනාශ කරන්න. ඒ වගේම පක්ෂයේ හිටපු අයම පක්ෂය හැරදාලා ගිහිල්ලා ස්වාධීන වුණා. ඒ පිරිස හිතුවේ අරගලයෙන් පසුව අපේ පක්ෂය නැවත නැගිටින්නේ නැතිවෙයි කියලා. දැන් ඒ අයට එන්න බැරිව ඉන්නේ. නොයෙකුත් ආකාරයේ කටකතා කියනවා. පක්ෂයේම ඡන්දවලින් ඇවිල්ලා අද පොහොට්ටුවට විරුද්ධව කටයුතු කරනවා. නමුත් මේ රටේ ජනතාව බුද්ධිමත්. නමුත් අපේ ඉන්න පිරිස අපේ පක්ෂය ඉතා ඉහලින් ගොඩනගාගෙන යනවා. ඊලඟ සැරයේදී ජනාධිපතිවරණයක් පැමිණියත්, පාර්ලිමේන්තු මැතිවරණයක්, පළාත් සභා මැතිවරණයක් පැමිණියත් මේ රටේ ඉහළින්ම ජයග්‍රහණය කරන පක්ෂය පොදුජන පෙරමුණයි කියන එක ඉතා පැහැදිලිව කියනවා. මේ අවස්ථාවේ ඉතා ආන්දෝලනයට ලක්වෙලා තිබෙන කාරණයක් තමයි මේ අස්වැසුම වැඩසටහන. මේ සමෘද්ධි වැඩසටහන පටන් ගත්තේ මේ රටේ දිළිදු ජනතාව නඟා සිටුවන්න. ඉතා සාර්ථකව එය කරගෙන ගියා. ඒ වගේම සමෘද්ධි බැංකුව තුළින් හුඟාක් අසරණව සිටින ජනතාවට ඉතා අඩු පොළියට තමන්ගේ සංවර්ධන වැඩකටයුතු කරන්න , කුඩා වෙළඳ ව්‍යාපාරයක් කරන්න සහන ටික ලැබුණා. අද පැලවෙලා තිබෙන ලොකුම පදනමක් තිබෙන ව්‍යාපාරයයි. ඒ නිසා තමයි පහුගිය දවස්වල මේ අස්වැසුම වැඩසටහනට ඇතුළත් වුණේ නෑ කියලා ජනතාව මේ උද්ඝෝෂණ කරමින් සිටින්නේ. මෙහි යම්කිසි අඩුපාඩුවක් තියෙනවා නම් ඒ අඩුපාඩුව හදාගත යුතුයි. ඒක පක්ෂයක් විදිහට පිළිගන්න දෙයක්. සාමාන්‍යයෙන් මේ රටේ අඩු ආදායම් ලබන අයට අසාධාරණයක් වෙනවා නම් ඒ පිළිබඳව අපි පක්ෂයක් හැටියට පෙනි සිටිනවා. හැබැයි මේ තත්වය ඇතිවෙන්න ප්‍රධාන හේතුව මේ වගකීම පැවරිලා තිබෙන සමහර සමෘද්ධි ව්‍යාපාරයට සම්බන්ධ නිලධාරිවරු මෙය අතට ගත්තේ නෑ. ඒ පිරිස සිටියේ නැති නිසා අලුත් නිලධාරින් ටික දාලා මෙය සිදු කරන්න වුණේ. ඒ අලුත් නිලධාරින්ගෙන් ඒ වැරද්ද වෙලාද කියන එක පිළිබඳව අනිවාර්යෙන් සමීක්ෂණය කළ යුතුයි. මෙය ජනාධිපතිතුමාට, ආණ්ඩුවටත්,පොදුජන පෙරමුණටත් හොඳ නෑ. පොදුජන පෙරමුණ විශාල කාර්ය භාර්යයක් කළා මේ සමෘද්ධි ව්‍යාපාරය රැකගන්න. දෙපාර්තමේන්තුවක් වශයෙන් හදාගන්න. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා කියනවා බැසිල්ගේ ඡන්ද මැසිම ඉවරයි කියලා. බැසිල් මැතිතුමාගේ ඡන්ද මැසිම මේක නොවේ. ඒ පිරිස හිතාගෙන ඉන්නේ මේ සමෘද්ධිය නිසාම ජයග්‍රහණය කරනවා, අපේ පක්ෂය රැදිලා තිබෙන්නේ සමෘද්ධි ව්‍යාපාරය නිසා කියලා. එහෙම එකක් නෑ. වගකීම හා යුතුකම ඒ ජනතාවට ඉටුකරන්න කවුරුත් වගකිය යුතුයි. මෙය සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය නිවැරදිව විසඳිය යුතුයි කියන තැන අපි කවුරුත් සිටිනවා.”යනුවෙන් මන්ත්‍රීවරයා මෙහිදි සඳහන් කළේ ය.

Post Views: 2
Previous Post

උතුරු මැද පළාත් ජාතික ‌මහා ක්‍රීඩා උළෙලට යන ක්‍රිඩකයින්ට මන්ත්‍රී දුමින්දගෙන් පාවහන්

Next Post

මිලියන 50කට අධික බැංකු තැන්පත්කරුවන්ගේ කිසිඳු තැන්පතුවකට බලපෑමක් එල්ල නොවන බව ජනපති කියයි

editor

editor

Next Post

මිලියන 50කට අධික බැංකු තැන්පත්කරුවන්ගේ කිසිඳු තැන්පතුවකට බලපෑමක් එල්ල නොවන බව ජනපති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගුවන් අනතුරින් මිය ගිය ගණන 6ක් දක්වා ඉහළට

ගුවන් අනතුරින් මිය ගිය ගණන 6ක් දක්වා ඉහළට

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025

Recent News

ගුවන් අනතුරින් මිය ගිය ගණන 6ක් දක්වා ඉහළට

ගුවන් අනතුරින් මිය ගිය ගණන 6ක් දක්වා ඉහළට

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගුවන් අනතුරින් මිය ගිය ගණන 6ක් දක්වා ඉහළට

ගුවන් අනතුරින් මිය ගිය ගණන 6ක් දක්වා ඉහළට

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved