• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නඩු අසන එක මාධ්‍ය නතර කළහොත් අපට පුළුවන් මේ රට නිවැරදි දිශාවකට ගන්න – මන්ත්‍රී මහාචාර්ය රංජිත්

6 February 2024
in දේශීය, පුවත්
නඩු අසන එක මාධ්‍ය නතර කළහොත් අපට පුළුවන් මේ රට නිවැරදි දිශාවකට ගන්න – මන්ත්‍රී මහාචාර්ය රංජිත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අප රටේ අවාසනාවට මේ සාම්ප්‍රදායික මාධ්‍යට එහා ගොස් සම්ප්‍රදායික නොවන මාධ්‍ය මේ වන විට නඩු අසන වගකීම භාරගෙන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (06) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා, “අද අපි කැමති වුණත් නැති වුණත් මාධ්‍ය තමයි අද නඩු අහන්නේ. මාධ්‍ය තමයි දඩුවම් දෙන්නේ. ඕනතරම් සිද්ධීන් තිබෙනවා මේ සම්බන්ධයෙන්. අපේ රටේ වාසනාවට හරි අවාසනාවට හරි මේ සාම්ප්‍රදායික මාධ්‍යවලට එහා ගිහින් සාම්ප්‍රදායික් නොවන මාධ්‍ය දැන් මේ නඩු අහන වගකීම භාරගෙන තිබෙනවා. මාධ්‍යයේ බලපෑමට ලක්වෙච්ච කෙනෙක් විදිහට මම සියලුම මාධ්‍ය ආයතවලින් හා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා අපි උසාවියට ඒ රාජකාරිය භාරදෙමු. අපේ රටේ ගරු අධිකරණය ස්වාධීනයි. අධිකරණයට හැකියාව තිබෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයට වරදකරුවෙක් වෙනතුරු ඔහු සැකකරුවෙක් පමණක් බවට හැඳින්වීමට. සනත් නිශාන්ත කියන්නේ අපි කවුරුත් කියවපු නැති පොතක්. එහි පිටකවරය බලලා තමයි සනත් නිශාන්ත ගැන තීන්දු ගත්තේ. මම ජිවිතයේ මිනිස්සු විශාල ප්‍රමාණයක් ආශ්‍රය කරලා ඇති. නමුත් ඒ වගේ හෘදයාංගම මනුස්සයෙක් මට මුණගැහිලා තිබෙන්නේ ඉතා කලාතුරකින්. සනත් නිශාන්ත ජිවත්වෙලා ඉන්නකොට තමයි ඝාතනය කළේ. පාර්ලිමේන්තුවට එන්නම ඕනේ නැහැ ආචාර්ය උපාධි තියෙන පිරිස්. පාර්ලිමේන්තුවට පැමිණෙන්න ඕන මහජන මතය වෙනුවෙන් පෙනි සිටින පිරිසයි. සනත් නිශාන්ත ඒ අති දුෂ්කර පාළත්වල මිනිස්සු වෙනුවෙන් පෙනි සිටියා. සනත් නිශාන්ත ගැන ජනමාධ්‍යයේ නඩු ඇහුව්වා. සනත් නිශාන්ත මැරෙන්න පෙර එල්ලලා මැරුවා. දස වද දුන්නා. ඒ නිසා අද මේ රටේ එක්තරා විදිහේ විලාසිතාවක් වෙලා තිබෙනවා හැගුම්බරව සමාජ මාධ්‍ය මෙහෙයවන , ජනමතය උරගා බලන පිරිස් සමාජ මාධ්‍ය තුළ පල කරන අදහස්වලට. හැබැයි ඒ කවුරුත් මේ මහා පොලොවේ දේශපාලනයේ යථාර්තය තේරුම් අරගෙන නැහැ. මීටවඩා ප්‍රබල පිරිස් මේ රටේ මහජනයා ගෙදර යැව්වා. අවුරුදු 07ක් රට කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ඒ සන්ධානය හැත්තෑ හතේ අටට බැස්සා. මේ රටේ දීර්ඝතම කාලයක් පාලනය බලය අල්ලාගෙන හිටපු එක්සත් ජාතික පක්ෂයට ජාතික ලැයිස්තුවේ මන්ත්‍රිධූරයක් හිමිවෙන තැනට මේ රටේ මහජනයා 2020 මහා මැතිවරණයේදී සැලකුවා. ඒ නිසා සාම්ප්‍රධායික ජනමාධ්‍යයට එහාගිය මාධ්‍ය සංස්කෘතියක් අපේ රටේ තිබෙන්නේ. ඒ නිසා නඩු අහන එක මාධ්‍ය නතර කළොත් අපට පුළුවන්කම තිබෙනවා මේ රට නිවැරදි දිශාවකට ගන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව බොහෝ පිරිස්වලට මාර කැක්කුමක් තිබෙනවා. මේ රටේ දැවැන්තම දේශපාලන පක්ෂය විදිහට විධායක සභාවේ සිටින අපිට නැති කැක්කුමක් තිබෙනවා. අපි හරිවෙලාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා කරලියට ගේනවා. පොලිටිකල් ගොසිප් අතහරිමු. අද මාධ්‍ය සාකච්ඡාවකට ගියාම අහන්නේ ප්‍රතිපත්තිමය කාරණා නොවේ. එන්න රට හදන වැඩපිළිවෙල ගැන කතා කරන්න. අපි දන්නේ නැහැ අනුර කුමාර මහතා ඉන්දියාවට ගියේ කුමකටද කියලා. අපි පක්ෂයක් විදිහට ඉන්දියාව සමඟ කිට්ටුවෙන් වැඩකරන්න හැම අවස්ථාවකම සුදානම්. අපේ පක්ෂයේ නිර්මාතෘතුමා තමයි අන්තිමට ඉන්දියාවටත් ගිහිල්ලා බිලියන පහකට ආසන්න මුදලක් ගෙනල්ලා මේ රටේ ආර්ථිකය ස්ථාවර කරන්න අවශ්‍ය කරන පසුබිම හැදුවේ එතුමා මුදල් ඇමතිතුමා ලෙස කටයුතු කළ කෙටි කාලසීමාව තුළ. ඒ නිසා බැසිල් රාජපක්ෂ මැතිතුමා සමඟත් ඉන්දියාව ගණුදෙණු කරන්න කැමති කියන එක මට හොඳටම විශ්වාසයි. අපි පක්ෂයක් විදිහට නොබැදුණු විදේශ ප්‍රතිපත්තියක සිට කටයුතු කරන්නේ. හෙට අතිගරු ජනාධිපතිතුමා නව පාර්ලිමේන්තු සභාවාරය විවෘත කරලා රාජාසන කතාව පැවැත්වීමට සූදානම්.”යනුවෙන් මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 18
Previous Post

ප්‍රතිසංස්කරණය කළ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ජනපති අතින් විවෘත කෙරේ

Next Post

කෙහෙලිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

editor ttvnews

editor ttvnews

Next Post
කෙහෙලිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

කෙහෙලිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved