27 April 2024
#දේශීය

වසංගතය වසන් කලොත් අපිත් වසන් වෙලා යයි – රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී

පසුගිය එක් දිනයකදී කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3500 කට වැඩි වීමත් තුළින් ඊට වඩා වැඩී ප්‍රමාණයක් සමාජය තුල සිටිනු ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව වෙත වසංගතය වසන් කලහොත් අපිත් වසන් වී යාමට ඉඩ ඇති බවයි.

එසේම ඊයේ (20) දින වන විට මෙරටින් කොවිඩ් -19 ආසාදිත පුද්ගලයින් 3,623ක් හඳුනාගෙන තිබෙන බවයි.

ඉන් පුද්ගලයින් 32ක් විදේශගතව සිට පැමිණි පුද්ගලයින් වන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඉතිරි පුද්ගලයින් 3,591 දෙනා දේශීයව හඳුනාගෙන ඇති අතර ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *