27 April 2024
#දේශීය

කලබල කළොත් ….. පුජිත පුජා පවත්වන්න හොඳට දන්නවා !  වික්‍රමබාහු කියයි 

රටේ ඕනෑම පුද්ගලයෙකුට තම අදහස් ප්‍රකාශ කිරීමට උද්ඝෝෂණය කිරීමට අවස්ථාව උදා වී ඇති නමුත් ජාතිවාදය, ආගම්වාදය ඇති කිරීමට අවස්ථාවක් නොමැති බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි. 

ttvnews.lk වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ වත්මන් රටේ තත්ත්වය අනුව ඕනෑම අයෙකුට තව අදහස් දැක්වීමට හැකියාව ඇති බවයි. 
 
නමුත් එය ලබන 05 වනදා ඒකාබද්ධ විපක්ෂය විසින් ප්‍රකාශ කර සිටිනේනේ ආගම්වාදි ජාතිවාදි කලබල ඇති කිරීමට බවත් එවැනි දේ සඳහා ආරක්ෂක අංශය කිසිදු ඉඩක් ලබා නොදෙනු ඇති බව තමා විශ්වාස කරන බව හෙතෙම කියා සිටියේය. 
 
වත්මන් පොලිස්පති පුජිත ජයසුන්දර බෝධී පුජා මෙන්ම සංඝ පුජාද පැවැත්වීමට දක්ෂ අයෙකු වගේම ගුටි පුජා පැවැත්වීමටත් ඉතා දක්ෂ අයෙකු බව හෙතෙම කියා සිටියේය. 
ඒකාබද්ධය මේ කරන්නේ අදහස් ප්‍රකාශකිරීමට වඩා රටේ කලබලයක් ඇති කිරීමේ වාතාවරණයක් ගොඩනැගීම බවත් ආරක්ෂක අංශය මේ පිළිබඳ සැලකිලිමත් විය යුතු බව ද  කරුණාරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *