27 April 2024
#ව්‍යාපාර

අල ගොවියාට උපරිම මිලක් දෙන්න ලංකා සතොස සූදානම් – අමාත්‍ය රිෂාඩ් කියයි

දේශීය අර්තාපල් ගොවියාට සිය අස්වැන්න සඳහා සාදාරණ මිලක්  ලබාදීමේ අරමුණින් ඔවුන්ගේ නිශ්පාදන ලංකා සතොස හරහා මිලදී ගැනීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

මේ දිනවල දේශීය අර්තාපල් අස්වනු ශීඝ්‍රයෙන් වෙළඳ පොලට ලැබීමත් සමග කූඨ වෙළඳුන් විසින් දේශීය අල ගොවියාගෙන් එම අස්වනු අඩුමිලට ලබාගැනීමේ ඇති හැකියාව වලක්වමින් දේශීය අල ගොවියා ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

කලක පටන් දේශිය අල ගොවීන් විසින් මෙම තත්වය පිළිබඳව පෞද්ගලිකව විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන් හා තම අමාත්‍යාංශයේ ඉහල නිළධාරීන් දැනුවත් කර තිබුණි. 

ලංකා සතොස ජනතාවගේ ආයතනයක් බැවින් සතොස ආයතනයේ ඉහලපෙලේ නිළධාරීන් සමග මේ පිළිබඳව කල සාකච්ඡාවකින් පසුව මෙලෙස දේශීය අල ගොවියාගෙන්  නිෂ්පාදන මිලදීගැනීමට තීරණය කල බවත් පවසන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසිය. 

වෙළඳපොලේ අල ගොවියා වෙනුවෙන් ගෙවිය හැකි උපරිම මිලක් මේ යටතේ දේශීය අල ගොවියාට ගෙවීමට සතොස සූදානමින් සිටින බව අමාත්‍ය රිෂාඩ් වැඩිදුරටත් කියා සිටියේය. 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *