• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අකුරණ රෝගීන් සමග සම්බන්ධයක් තිබුණේ නම් ඉදිරිපත් වෙන්න

3 April 2020
in දේශීය

අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමු වූ‍  කොරෝනා ආසාදිත රෝගීන් සමග  සමීප කතා බහක්, මුණගැසීමක් හෝ කිසියම් ආකාරයක සසම්බන්ධතාවක්  තිබූ සියලු දෙනා වහාම සෞඛ්‍ය අංශයේ  නිලධාරින්ට දන්වන ලෙස අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සංජීව කුරුඳුගහමඩ  ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 මේ සඳහා කිසිදු බියකින් තොරව ඉදිරිපත් වන ලෙසත් මෙම ප්‍රදේශයෙන් මෙම වසංගතය තුරන් කිරීම සඳහා මෙම ඉල්ලීම කරන බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා තව දුරටත්  ප්‍රකාශ කර සිටී.

කටුපොත 61ක් ස්වයං නිරෝධායනයට !

මේ අතර කටුපොත ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා වයිරසය ආසාදිත කාන්තාව හා සමීපව සිටිමින් කැකුණගොල්ල ප්‍රාථමික බෙහෙත් ශාලාවෙන් ප්‍රතිකාර ගැනීමට ගිය පුද්ගලයන් 61 දෙනෙකු සම්බන්ධ තොරතුරු අද පෙරවරුව වනවිට අනාවරණය කරගෙන ඇති බව කුලියාපිටිය කොටිඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේය.

කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන සිටින කැකුණගොල්ල පදිංචි කාන්තාව පසුගිය 30 වන දින කැකුණගොල්ල ප්‍රාථමික බෙහෙත් ශාලාවෙන් උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගොස් ඇති අතර ඇය එම අවස්ථාවෙිදි පැය තුනකට ආසන්න කාලයක් රෝහල් පරිශ්‍රය තුළ ප්‍රතිකාර ගැනීමට පැමිණ සිටි අනෙකුත් රෝගීන් හා සමීපව හිඳ ඇති බව අනාවරණය වී තිබෙි . එසේ සිටි රෝගීන් සංඛ්‍යාව 125 ක් පමණ බවද වාර්තා වේ .

මෙම තොරතුරු අනාවරණය වීමෙන් පසුව පොලීසිය මගින් කළ දැනුම් දීමකට අනුව පුද්ගලයන් 61 දෙනෙකු කටුපොත පොලීසියට පැමිණ තම තොරතුරු ලබා දීමෙන් පසුව ඔවුන් වෛද්‍ය උපදෙස් අනුව ස්වයං නිරෝධායන කටයුතු සඳහා යොමු කළ බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා පැවසීය .

Post Views: 21
Previous Post

අසත්‍ය පණිවුඩ ගැන රජයේ අවදානය යොමු කෙරේ

Next Post

ලංකාවේ කොරෝනා මරණ 4 යි : මාධ්‍ය සඳහා නිර්ණායකත් එයි

editor

editor

Next Post

ලංකාවේ කොරෝනා මරණ 4 යි : මාධ්‍ය සඳහා නිර්ණායකත් එයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved