පුරාවස්තු සෙවීමේ අරමුණින් අනවසරයෙන් අලුත්ඔය ප්‍රදේශයේ ගෙවත්තක කැණීම් කරමින් සිටි පුද්ගලයින් පස්දෙනකු ගල්ඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හබරණ – ත්‍රිකුණාමලය මාර්ගයේ, අලුත්ඔය ‘යකා වංගුව’ ආසන්නයේ පිහිටි ගෙවත්තක මෙම අනවසර කැණීම සිදුකර ඇති අතර, පොලිසිය එම ස්ථානයට යන විටත් සැකකරුවන් අඩි 8ක් පමණ ගැඹුරට කැණීම් කරමින් සිට ඇත. අත්අඩංගුවට ගත් පිරිස අතර මියගොස් ඇති හිටපු අමාත්‍යවරයකුගේ 50 හැවිරිදි පුත්‍රයකු ද වන අතර, කන්තලේ, අලුත්ඔය සහ ඉපලෝගම ප්‍රදේශවල පදිංචිකරුවන් වන සෙසු සැකකරුවන් ද සමඟ කැණීම් සඳහා යොදාගත් උපකරණ සහ පූජා භාණ්ඩ පොලිස් භාරයට ගෙන තිබේ.














