බංග්ලාදේශයේ ඩකා නුවර පැවති 10 වැනි ජ්‍යෙෂ්ඨ දකුණු ආසියානු කරාතේ ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකා කරාතේ කණ්ඩායම පදක්කම් 87ක් දිනා ගැනීමට සමත්ව තිබේ.
පසුගිය 18 සහ 19 යන දෙදින ඩකා නුවර පැවති මෙම තරගාවලිය සඳහා දකුණු ආසියානු කලාපයේ රටවල් හයක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වී ඇති අතර, ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (21) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.














