2026.08.22 දින වලව පළාත්බඩ පොලිස් වසමේ කොළණිය ප්‍රදේශයේදී පළාත්බඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර නීතිවිරෝධී මත්පැන් ලීටර් 67 මිලිලීටර් 500 ක් (බෝතල් 90) සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය අවුරුදු 51 ක් වන නයිනමඩම ප්‍රදේශයේ පදිංචිකාරියකි. පළාත්බඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
















