මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (RMV) මඟින් නිකුත් කරන ප්‍රමිතිගත අංක තහඩු වෙනස් කරමින් විවිධ වර්ණ හා හැඩතල යොදා රථවාහන ධාවනය කරන වාහන හිමියන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා අද (17) ප්‍රකාශ කළේය අලුතින් ලියාපදිංචි කෙරෙන වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීමේ ප්‍රමාදයක් පවතින පසුබිමක ඇතැම් පිරිස් නීති විරෝධී ලෙස විවිධ පැහැයන්ගෙන් යුත් අංක තහඩු සවිකර ධාවනය කරන බවට තොරතුරු ලැබී ඇත
මෙවැනි රියදුරන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස සියලුම පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇති අතර, මෙම තත්ත්වය නියාමනය කිරීම සඳහා පොලිස්පතිවරයා විසින් මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා ද දැනුවත් කර තිබේ විශේෂයෙන්ම අපරාධ සහ මූල්‍ය වංචා ඉහළ ගොස් ඇති වර්තමාන වාතාවරණය තුළ මෙලෙස අංක තහඩු වෙනස් කිරීම ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් විය හැකි බැවින් රථවාහන හිමියන් මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය














