මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් බොරතෙල් ආනයනයට එල්ල වී තිබූ බාධා මඟහරිමින්, මෙට්‍රික් ටොන් 97,500 ක් රැගත් පළමු බොරතෙල් නෞකාව අද (17) කොළඹ වරායට ළඟා වීමට නියමිතය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණෙන මෙම නෞකාව මෙරට බලශක්ති අවශ්‍යතාව සපුරාලීම සඳහා තීරණාත්මක වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා ප්‍රකාශ කළේය
යුද තත්ත්වය හේතුවෙන් පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසවල පැමිණීමට තිබූ නෞකා ප්‍රමාද වීම නිසා මෙරට බොරතෙල් පිරිපහදු කටයුතුවලට යම් බලපෑමක් එල්ල වී තිබුණි කෙසේ වෙතත්, අද පැමිණෙන මෙම නෞකාවට අමතරව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මිලදී ගත් තවත් බොරතෙල් නෞකාවක් මැයි මස මුලදී මෙරටට ළඟා වීමට නියමිතය ලබන ජූනි මස මැද දක්වා ප්‍රමාණවත් ඉන්ධන තොග දැනටමත් සපුරාගෙන ඇති බැවින් ඉන්ධන හිඟයක් පිළිබඳව බිය විය යුතු නැති බව ද බලධාරීහු සහතික වෙති














