• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉළුක්පොතකන්ද වන වගා ව්‍යාපෘතිය

8 July 2018
in සංවර්ධන

ලෝකඋරුම සිංහරාජ වැසිවනාත්තර සංකීර්ණයට හා ප්‍රේරක කලාපයට අයත් කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි වැසිවනාන්තර පද්ධති මෑත කාලයේදී නොයෙකුත් ස්වාභාවික ආපදා තත්වයන් නිසා විශාල වශයෙන් විනාශ වෙමින් පවතී.

එම හේතුවන් නිසාවෙන් ප්‍රදේශයේ ජල මූලාශ සිඳි යාම, පරිසර සමතුලිතතාවය බිඳ වැටීම, ජන ජීවිත වලට තර්ජන එල්ල වීම ආදී ගැටළු වලට විසඳුම් වශයෙන් සිංහරාජ රක්ෂිත පේරක කලාපයට මායිම්ව පවතින්නා වූ වනාන්තර පද්ධති තුළ වැසිවනාන්තර සුරකින්නන්ගේ සංවිධානය විවිධ වූ ව්‍යාපෘති ආරම්භ කරන ලදී.

කලවාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා වැසිවනාන්තර සුරකින්නන්ගේ සංවිධානය එකතුව තර්ජනයට ලක්වී ඇති සහ විනාශ වී ඇති වනාන්තර බිම් කොටස් හඳුනාගෙන එම රක්ෂිත තුල ප්‍රදේශයේ පවතින ජෛව විවිධත්වය සලකා එයට ගැලපෙන හොර, බෙරලිය, වල්දෙල්,දොඹ, නා, ගොඩපර, කුඹුක්, මාදම් සහ ශ්‍රී ලංකාවට ආවේනික, වඳවීයාමේ තර්ජනයට භාජනයවී ඇති පැළ 500 කට අධික ප්‍රමාණයක් රෝපණය කර ආදර්ශ වන වගා කිරීමේ ව්‍යාපෘතියක් කලවාන ප්‍රාදේශ්‍රීය ලේකම් කොට්ඨාශයට අයත් ඉළුක්පොතකන්ද ප්‍රදේශයේ දී 2018.07.06 වන සිකුරාදා දින පැවැත් විය.

2003 වර්ෂයේදී ඇති වූ ආපදා තත්වයන් නිසා මිනිස් ජීවිත හානි සමඟින් විශාල නායයෑමකට ලක්වී ඇති මෙම ප්‍රදේශය අක්කර 7ක වපසරියකින් යුත් භූමියකි. විශාල බෑවුමක් සහිත මෙම ප්‍රදේශය දැනට දැඩි අවදානම් ප්‍රදේශයක් වශයෙන්ද නම් කර ඇත. පස ශක්තිමත් නොවන බැවින් වර්තමානයෙදීත් සුළු වශයෙන් නායයෑම් වලට ලක්වෙමින් පවති. මෙම බැවුම් ප්‍රදේශයේ පහල සීමාව තුළ නිවෙස් පිහිටා ඇති අතර මේ හේතුන් නිසා වර්ෂා කාල වලදී ඔවුන් හට රතු නිවේදන එල්ල වෙමින් නිවෙස් වලින් ඉවත් වීමට සිදුව ඇත. දැඩි වර්ෂාපතනයක් පවතින ප්‍රදේශයක් හෙතුවෙන් ප්‍රදේශ වාසීන් හට විශාල දුෂ්කර තා එල්ල වේ.

අක්කර 7කින් යුත් සමස්ත භුම් ප්‍රමාණය තුල අධියර කිහිපයකින් වන වගාව සිදු කර අවසන් කිරීමට සැලසුම් සකසා ඇති අතර මෙම ව්‍යාපෘතිය මගින් නායයෑම් සිදූවීම නතර කර ගැනීම ප්‍රධානතම අරමුණ වේ. ප්‍රදේශයේ ජෛව විවිධත්වයට ගැලෙපෙන්නා වූ ශාක සිටුවීම මගින් ප්‍රදේශය තුල පරිසර සමතුලිතතාවය ආරක්ෂා කිරීම ආදී හේතුන් සඳහා අවස්ථාව උදා වේ.

මෙම රුක් රෝපණ වැඩ සටහන සඳහා Multi Finance (Pvt) Ltd සමාගමේ පූර්ණ අනුග්‍රහය ලැබුන අතර එම ආයතනය තමන්ගේ පුරවැසි වගකීම් පුළුල් කරමින් පරිසර සංරක්ෂණය සඳහා වැඩි වශයෙන් යොමුවීමට බලාපොරොත්තු වන අතර මෙම ප්‍රදේශය සම්පුර්ණ රක්ෂිත ප්‍රදේශයක් වන තුරුම වැසි වනාන්තර සුරකින්නන්ගේ සංවිධානය සමග දීර්ගකාලීනව කටයුතු කිරීමට සැලසුම් සකස් කර ඇත. එම ආයතයේ සේවකයන්, වැසිවනාන්තර සුරකින්නන්ගේ සංවිධානයේ සාමාජිකයන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මෙම වන වගා ව්‍යාපෘතියේ ආරම්භක අධියර සඳහා සහභාගී විය.

 

පේශල පසන් කරුණාරත්න
මාධ්‍ය සම්බන්ධීකාරක
වැසිවනාන්තර සුරකින්නන්ගේ සංවිධානය

Post Views: 20
Previous Post

මිනිස් වෙළදාමට විරුද්ධව ගන්නා පියවර ඇමරිකාවේ ඇගයීමට ලක්වේ

Next Post

කට්ටිය හත් පොළේ ගාගෙන

editor

editor

Next Post

කට්ටිය හත් පොළේ ගාගෙන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved