මෙරට විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ 7 වන සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක් ඊයේ (10) දිවයිනට පැමිණ තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී ඉවාන් පැපජෝර්ජියෝ මහතා විසින් මෙහෙයවනු ලබන මෙම කණ්ඩායම ලබන 23 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය. ඔවුන් මෙරට රැඳී සිටින කාලය තුළ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මහ බැංකු නිලධාරීන් මුණගැසී මෑතකාලීන ආර්ථික වර්ධනයන් සහ මූල්‍ය ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත අතර, මෙම සමාලෝචනය සාර්ථක වීමෙන් පසු අටවන ණය වාරිකය (ඇමෙරිකා ඩොලර් මිලියන 330කට ආසන්න ප්‍රමාණයක්) මුදා හැරීම සම්බන්ධයෙන් අරමුදලේ විධායක මණ්ඩලය විසින් සලකා බලනු ඇත.
















