ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට හිමි වී ඇති සමාව දීමේ බලතල (Presidential Pardon) සහ එහි පවතින නීතිමය පසුබිම පිළිබඳව නීති විශාරදයෙකු වන මහාචාර්ය සායික්‍රිෂ්ණ බැංගලෝර් ප්‍රකාශ් (Saikrishna Bangalore Prakash) දැක්වූ අදහස් ඇසුරින් සකස් කරන ලද විශේෂ විමසුමක් මෙහි දැක්වේ.
ජනාධිපතිවරයාට සමාව දිය හැක්කේ වරදක් සිදුවී අවසන් වූ පසුව පමණක් වන අතර, අනාගතයට බලපාන පරිදි නීති අත්හිටුවීමට හෝ වරදක් අනුමත කිරීමට ඔහුට බලයක් නොමැත. ෆෙඩරල් මට්ටමින් සහ ප්‍රාන්ත මට්ටමින් නඩු පැවරිය හැකි වරදකදී වුවද, ජනාධිපතිවරයාට ලබා දිය හැක්කේ ෆෙඩරල් වරදකට පමණක් වන අතර, ප්‍රාන්ත වැරදි සඳහා සමාව දීමේ අධිකාරියක් ඔහුට නැත. ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයට ජනාධිපතිවරයාගේ මෙම බලය සීමා කිරීමට නීතිමය අධිකාරියක් නොමැති වීම හේතුවෙන්, එය කිසිදු ආයතනයකින් පාලනය නොවන පුළුල් බලයක් ලෙස සැලකේ.















