ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විශේෂ නියෝජිත පිරිසක් අද (25) කොළඹ පිහිටි ශ්‍රී ලංකා රේගු මූලස්ථානයේ නිල සංචාරයක නිරත වූ බව රේගු මාධ්‍ය අංශය නිල වශයෙන් තහවුරු කරයි.
ශ්‍රී ලංකාවේ රේගු කටයුතු සහ ආදායම් උත්පාදන ක්‍රියාවලීන්හි වත්මන් තත්ත්වය සහ පවතින කාර්යභාරය පිළිබඳව සොයා බැලීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී තිබේ. රේගු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු විධිමත් කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රමිතීන්ට අනුකූලව ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
රේගු මූලස්ථානයේ ඉහළ පෙළේ නිලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර පැවැති මෙම සාකච්ඡා, ඉදිරියේදී රේගු පද්ධතියේ සිදුකිරීමට නියමිත ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කටයුතු සඳහා ඉවහල් වනු ඇති බව වාර්තා වේ.
















