27 April 2024
#දේශීය #පුවත්

IMF නියෝජිතයින් විපක්ෂනායක සජිත් හමුවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂි හමුවක් ඊයේ (18) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවිය.

ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් Mr Peter Breuer (Senior Mission Chief), Ms Sarwat Jahan (Resident Representative), Manavee Abeyawickrama (Local Economist) පැමිණ සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හට කියා සිටියේ වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග යැයි පවසමින් ජනතාවට විශාල බදු බරක් ලබා දෙමින් වැට් බදු ඇතුළු බදු වර්ග රැසක් අධික ලෙස වැඩි කර ඇති බවයි.

මේ නිසා සාමාන්‍ය ජනතාව, ගර්භනී මාතාවන්, දරුවන්, මධ්‍යම පාන්තිකයන්, රාජ්‍ය සේවකයන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට අයත් පුද්ගලයන් අසරණ වී ඇති බව හෙතෙම පැවසිය.

මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, කබීර් හෂීම්, සුජීව සේනසිංහ, ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙන්ම විපක්ෂ නායකවරයාගේ ලේකම් තිසත් විජේගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *