27 April 2024
#දේශීය #පුවත්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ NPP හමුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සදහා මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් (Peter Breuer) ඇතුළු කණ්ඩායමක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ (18) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් පීටර් බෲවර් මහතාට අමතරව මුල්‍ය අරමුදලේ නේවාසික නියෝජිත සර්වත් ජහාන් මහත්මිය සහ මානවී අබේවික්‍රම යන අය සහභාගි විය.

මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය නියෝජනය කරමින් සුනිල් හදුන්නෙත්ති, මහාචාර්ය අනිල් ජයන්ත, ආර්ථික විශ්ලේෂක ආචාර්ය හර්ෂන සූරියප්පෙරුම සහ ජාතික විධායක සභික මුදිත නානායක්කාර යන අය සහභාගි විය.

 

IMF representatives meet NPP leaders

A discussion was held today (18) at the head office of the JVP between a group that included IMF’s head of operations for Sri Lanka, Peter Breuer, and representatives of the National People’s Power.

Ms Sarvath Jahan, the resident representative of the IMF, and Ms Manavee Abeywickrama (IMF staff), in addition to Mr Peter Brewer, participated in representing the IMF in the discussion.

NPP Member of Parliament Dr Harini Amarasuriya, Sunil Hadunnetthi representing the NPP Economic Council, Professor Anil Jayantha, Economic Analyst Dr Harshana Suriyapperuma and National Executive Member of the NPP Muditha Nanayakkara participated representing the NPP.

Leave a comment

Your email address will not be published. Required fields are marked *