27 April 2024
#දේශීය

ඉන්දියන් දියර පොහොර ගෙන්වීම මගඩියක්… ගෙවිතැන වලපල්ලට – මන්ත්‍රීනි රෝහිණි

යූරියා සහ නයිට්‍රජන් පොහොර ඒකාධිකාරය කඩිමුඩියේ පිහිටුවා ගත් සමාගමක තනි අයිතියට ලබාදීම සඳහා සකස් කළ කැබිනට් පත්‍රිකාව බොරුව අසත්‍යය පිරුණු මුදල් මඟඩියකට සැකසූ උගුලක් බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.

ඇය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ කෘෂිකර්ම කේෂ්ත්‍ර යේ රැකවලුන් ලෙස පෙනී සිටින ඊනියා බුද්ධිමතුන් ලංකාවේ කෘෂිකර්මාන්තය වලපල්ලට යවමින් පුද්ගලයින් කිහිප දෙනෙකුට ධන උත්පාදනය සඳහා තම වෘත්තීය දැනුමත් ගණිකා වෘත්තීයේ යෙදවීම කණගාටුවකි.

නැනෝ තාක්ෂණය පිළිබඳ එකම විශේඥයෙකු හෝ නොමැති තාක්ෂණික කමිටුවක් මගින් ඉන්දියාවේ රු. 484 ක් වන (ලංකා රුපියල් 1302.18) ක් වන නැනෝ නයිට්‍රජන්, ලංකාවේ මුදලින් රු. 5230 කට මිලදී ගෙන ඇතැයි මන්ත්‍රීණි රෝහිණී කවිරත්න නිකුත් නිවේදනයේ සඳහන් ක ඇත.

කැබිනට් පත්‍රිකාවට අනුව ද, ආනයනය කර ඇති නිෂ්පාදන විස්තරයට අනුව ද, මෙම නිෂ්පාදනයට ‘කාබනික සහතිකය‘ නැත. කාබනික කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා යැයි දැවැන්ත ප්‍රචාරයක් ගෙන යමින් ආනයනය කරනු ලැබ ඇත්තේ අවම වශයෙන් කාබනික සහතිකය හෝ නොමැති නිෂ්පාදනයක් බව ඇය අනාවරණ කරයි.

ඩොලර් නැතිකම වසා ගැනීමට කාබනික පොහොර මිත්‍යාවේ ගිලෙන විටම මහ කන්නයට අවශ්‍ය පොහොර – බෙහෙත් සපයා ගැනීම ප්‍රශ්නයක් වන බව බුද්ධියත් ඇති ඕනෑම අයෙකුට වැටහී යා යුතුව තිබුණි බව ඇය අවධාරණය කරයි.

එසේම කෘෂිකර්ම අමාත්‍යාංශය අද විට දැවැන්ත මුල්‍ය හා ශ්‍රාස්ත්‍රීය වංචා සිදු කරන හොර ගුහාවක් බවට පත්ව ඇති බව ඇය කියා සිටියායා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *