පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අඩියාල බන්ධනාගාරයේදී “ දැඩි මාසික වධහිංසාවට” ලක්කරමින් සිටින බව ඔහුගේ සොහොයුරිය වන ආචාර්ය උස්මා ඛාන් චෝදනා කර තිබේ.
අධිකරණ නියෝගයක් අනුව වෛද්‍ය පරීක්ෂණ සඳහා ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද්හි පාකිස්තාන වෛද්‍ය විද්‍යා ආයතනයට (PIMS) රැගෙන ගොස් පරීක්ෂා කිරීමෙන් පසු යළි බන්ධනාගාරයට රැගෙන ගිය අවස්ථාවේදී ඇය මෙම චෝදනා එල්ල කළාය. උස්මා ඛාන් පැවසුවේ තම සොහොයුරා “මට වධහිංසා කරනවා” යැයි තවදුරටත් ප්‍රකාශ කළ බවත්, එක් ඇසක් ආවරණය කර තිබූ බවත්, “මට අසාධාරණයක් කරනවා, මේ අය මිනිස්සු නොවෙයි” යන පණිවුඩය ජනතාවට දැනුම් දෙන ලෙස ඉල් සිටි බවයි.
ඉම්රාන් ඛාන්ගේ ප්‍රකාශක සයිඩ් සුල්ෆිකාර් බුකාරි ද එම චෝදනා යළි අවධාරණය කරමින්, බන්ධනාගාරය තුළ ඔහුට නෑවත නෑවත මානසික පීඩනය සහ වධහිංසා එල්ල වන බව කියා සිටියේය. කෙසේ වෙතත් පාකිස්තාන රජය මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. තොරතුරු අමාත්‍ය අතවුල්ලා තාරාර් පැවසූ අයුරින්, හෘද සහ සාමාන්‍ය වෛද්‍ය විශේෂඥයන් ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් ඉම්රාන් ඛාන් පරීක්ෂා කළ බවත්, ඔහු වෛද්‍යමය වශයෙන් සෞඛ්‍ය සම්පන්න බව තහවුරු කළ බවත් සඳහන් කළේය. පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා ඉම්රාන් ඛාන් සැප්තැම්බර් 17 දක්වා පෞද්ගලික ශිවා ඉන්ටර්නැෂනල් රෝහලේ ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙස නියෝග කළද, රජය ඔහු PIMS රෝහලේ පරීක්ෂා කර පැය කිහිපයකින් යළි බන්ධනාගාරයට රැගෙන ගොස් තිබේ.














