• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

2020 දී නව ව්‍යාවසායකයන් ලක්ෂයක් බිහි කරනවා

8 June 2018
in සංවර්ධන

2020 වසර වන විට ශ්‍රී ලංකාව තුළ නව ව්‍යාවසායකයන් ලක්ෂයක් බිහි කිරීම රජයේ අපේක්ෂාව බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ඒ සඳහා ණය යෝජනා ක්‍රම 16කින් සමන්විත ව්‍යාවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන සූදානම් කර ඇති බව හෙතෙම සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධයෙන් රාජ්‍ය බැංකු නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා අද (08) අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකට එක්වෙමිනි.

අමාත්‍යවරයා එහි දී මෙසේ ද පැවැසීය “2018 අයවැය ඉදිරිපත් කරනු ලැබුවේ ව්‍යාවසායකත්ව ශ්‍රී ලංකා, නීල හරිත ආර්ථිකයක් යන තේමාව යටතේයි. අපේ රටේ අධ්‍යාපනය ක්‍රමය තුළ විශාල අඩුපාඩු පවතී. විශ්ව විද්‍යාලයට ඇතුළු වන්නේ 25,000 තරම් සුළු පිරිසකි. තවත් පිරිසක් පෞද්ගලික අධ්‍යාපනය ලබති. විදේශ ගත කරවති. නමුත් දක්ශ හැකියාවන් සහිත 150000ක් පමණ රැකියාවක් නොමැතිව අපේක්ෂාභංගත්වයෙන් කාලය ගත කරති. අන්තවාදී දේශපාලනය, මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී කටයුතු වෙත යොමු වන්නේ මෙම පිරිස ය. රටේ සංවර්ධනය වෙනුවෙන් විශාල ශක්තියක් ලබා දිය හැකි පිරිසක් මෙසේ අතරමං වෙති. බොහෝ පිරිසක් විශ්ව විද්‍යාල දොරටුව අසලට විත් ආපසු හැරෙන්නේ ඔවුන්ගේ වරද නිසා නොව අපට අවශ්‍ය තරම් විශ්ව විද්‍යාල පහසුකම් ලබා දීමට නොහැකි වීම නිසා ය. එසේ ම දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කිරීමට කටයුතු අපි සිදු කළ යුතුය. මේ වන විට 3%ක පමණ මට්ටමේ ඇති එම ප්‍රතිශතය 2020 වන විට එම මට්ටම කරා ළගා කරවීම අපගේ අරමුණයි. එසේ ම වසර 13ක අනිවාර්ය අධ්‍යාපනය අපි හඳුන්වා දීමට සූදානමින් සිටින්නෙමු. විශ්ව විද්‍යාලයට ගිය අය පමණක් නොව, උසස් පෙළ සමත්, සාමාන්‍ය පෙළ සමත් අය අතරින් ව්‍යවසායකත්ව හැකියාවන් ඇති අය හඳුනා ගැනීම අපේ යුතුකමකි. විශ්ව විද්‍යාලය ප්‍රවේශය නොලැබූ බැවින් අපේක්ෂාභංගත්වයට පත් වීමට ඉඩ නොදී රටේ සංවර්ධනය ක්‍රියාවලියට ඔවුන් ද දායක කරවා ගත හැකි ක්‍රමවේදයක් අප සකස් කළ යුතු ය. මේ ව්‍යාවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන ඒ වෙනුවෙනි.

මෙම මස 21 වැනි දා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ වැඩසටහන ආරම්භ කෙරේ. මේ යටතේ ණය යෝජනා ක්‍රම 16ක් ආරම්භ කෙරේ. දැනට බැංකු මගින් ක්‍රියාත්මක සියයකට අධික ණය යෝජනා ක්‍රම නව්‍යකරණයකට යටත් කෙරේ. මේ වන විටත් මෙම වැඩසටහන සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 5250ක් වෙයි.

අපි බැංකු නිලධාරීන් වන ඔබෙන් ඉල්ලා සිටින්නේ මේ නව ව්‍යාවසායකන්ට විශේෂ තැනක් ලබා දෙන ලෙසයි. කිසියම් පුද්ගලයකු බැංකුවක් වෙන පැමිණි විට සලකා බලන්නේ බැංකුවේ ගනුදෙනුකරුවකු ද? ගිණුමක් තිබේ ද යන්නයි. මේ පැමිණෙන නව ව්‍යාවසායකන් ඇතැම් විට බැංකුවට පැමිණ පළ පුරුද්දක් ඇති අය නොවන්නට පුළුවන. එසේ කෙනෙකු නොලසකා හැරියොත් ඔවුන් අපේක්ෂාභංගත්වයෙන් ආපසු හැරී යාමට ඉඩ තිබේ. එබැවින් ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහනේ කවුළුවක් මහජන බැංකුව, ලංකා බැංකුව සහ ප්‍රදේශීය සංවර්ධන යන බැංකුවල සෑම ශාඛාවකම ස්ථාපනය කළ යුතු ය. එහි කටයුතු සඳහා මේ ණය යෝජනා සඳහා දැනුමක් ඇති පිරිසක් යෙදිය යුතු ය. අපේ ඉලක්කය වන්නේ මීළග වසර දෙක තුළ නගරයෙන් පමණක් නොව රටේ සෑම ප්‍රදේශයකින් ම නව ව්‍යාවසායකන් ලක්ෂයක්වත් මේ රට තුළ ඇති කිරීමයි. යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 27
Previous Post

තෑපෑල 11 වැඩ කරන්න බැහැලු

Next Post

අපි ඉඩම් බලෙන් අල්ලා ගන්නේ නෑ

editor

editor

Next Post

අපි ඉඩම් බලෙන් අල්ලා ගන්නේ නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved