17 May 2024
#දේශීය #පුවත්

ජිවත්වීමේ ආයුධ කාලය අනුව අපි ඇමෙරිකාවටත් වඩා වසරක් උඩින් – ඇමැති වෛද්‍ය රමේෂ්

මිනිසාගේ ජීවත්වීමේ ආයු කාලය අනුව අපි ඇමෙරිකාවටත් වඩා වසරක් උඩින් ඉන්නා බව සෞඛ්‍ය හා වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (01) පොදු ජන පෙරමුණේ මැයි රැළිය අමතමිනි.

එහිදී අදහස් පල කල අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ” 2024 මැයි දිනය අපිට වැදගත්. මම මුලින්ම මැයි දිනයකට අවේ 1984 වසරේ දී. මගේ තාත්තා එක්ක මම එදා ආවා. ගාල්ල අක්මීමන ආසානය තමයි තාත්තා නියෝජනය කළේ. අපේ දිස්ත්‍රික්කයේ ඇතැම් ගම්මානවලට 2000 වසරේ දී තමයි විදුලිය ආවේ. අපේ ගෙදරට 1980 වසරේ දී දුරකතනයක් ලැබෙනවා. 1948 වසරේ දී අපි නිදහස ලබනවිට වසර 450 ක් පමණ අපි පූර්ණ යටත් විජිතයක් වශයෙන් තිබුණා. නිදහස් ශ්‍රී ලංකාව ලෙස අපට බාරදුන්නේ මොනවාගේ රටක් ද ? 2500 වසරක ඉතිහාසයේ විශිෂ්ඨතම කොටස ලියවෙන්නේ පසුගිය වසර 76 ක කාලයේදී. පාසල් දරුවන් අද අධ්‍යාපනය ලබනවා. විශ්ව විද්‍යාලයට යනවා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදී තිබෙනවා. එහෙම රටවල් ගොඩක් ලෝකයේ නැහැ. සුද්දන්ගෙන් නිදහස ලබන විට මිනිසාගේ ජීවත්වීමේ ආයු කාලය අවුරුදු 42 ක් වුණා. දැන් 79 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අපි ඇමෙරිකාවටත් වඩා වසරක් උඩින් ඉන්නවා. අපේ කාලයේ මෙරටට විශිෂ්ඨ සේවයක් ඉටුකර තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතායි. මේ කාලයේ පාරක් හදන්න, පාලමක් හදන්න, පාසලක් හදන්න, රෝහලක් හදන්න කිසිදා සහායක් නොදුන් පිරිස කියනවා මේක ශාපයක් කියලා. නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ මේ රට විශිෂ්ඨ සංවර්ධන ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක වුණා යැයි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *