• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සභිකයින් වැඩිවීම ගැටළුවක්

29 June 2018
in දේශීය

පළාත් පාලන සභිකයන් ගණන වැඩිවීමෙන් ඔවුන් සියලු දෙනා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලට සහභාගී වීම ගැටළුවක් විය හැකි බැවින් ඒ පිළිබඳ නව චක්‍රලේඛයක් නිකුත් කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පැවැති දිසාපති සමුළුවේ දී අදහස් දක්වමිනි. දිසාපති සමුළුව දෙවැනි දිනයටත් අද (29) පැවැත්විණි. ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සමුළුව සඳහා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල මහතා ද සහභාගී වූයේය.

එහි දී අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙසේ ද කීවේය.

”දැන් පළාත් පාලන ආයතනවල සභිකයන් 8000කට වඩා ඉන්නවා. මේ හැමෝම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලට පැමිණීමට පටන්ගත්තොත් ගැටළුවක් වෙනවා. ඒ් නිසා ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් සමග මා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඒ් අනුව ඉදිරියේ දී අදාල උපදෙස් සහිත චක්‍රලේඛයක් නිකුත් කරනවා. ප්‍රාදේශීය සභාවේ සභාපති, විපක්ෂයේ කණ්ඩායම් නායක යන දෙදෙනාට සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වීමටත් ප්‍රාදේශීය සභාවේ දී ඉදිරිපත්වන යෝජනා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුටව ඉදිරිපත් කිරීමටත් උපෙදස් ලබාදීම වඩාත් සුදසුයි.”

මෙහි දී අදහස් දැක්වූ දිසාපතිවරුන් කියා සිටියේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ දී ඉදිරීපත්වන ඇතැම් යෝජනා ක්‍රියාත්මක කිරීමට යාමේ දී ඇතැම් පළාත් පාලන ආයතන සභාපතිවරුන්ගෙන් ප්‍රමාණවත් සහයෝගයක් නොලැබෙන බවයි.

ගම්වල ඇති ජනතා ගැටලුවලට විසඳුම් ලබාගැනීම සඳහා ප්‍රාදේශීය හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලට එම ගැටළු ඉදිරිපත් කිරීම ඉතා ප්‍රතිඵල දායක කාර්යයක් වුව ද ජනතාවට ඒ් පිළිබඳ නිසි අවබෝධයක් නොමැති වීමෙන් සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කර විසඳාගත හැකි බොහෝ ගැටලු ඉදිරිපත් නොවීම ගැටලුවක් බබව ද මෙහි දී අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පෙන්වා දුන්නේය.

Post Views: 17
Previous Post

කබීර් උත්තර දෙන්න

Next Post

පාතාලය මර්ධනය කරනවා

editor

editor

Next Post

පාතාලය මර්ධනය කරනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved