27 April 2024
#ක්‍රීඩා

පාතාලය මර්ධනය කරනවා

පක්ෂයක් නැහැ පාටක් නැහැ ආගමක් නැහැ පාතාලය මර්දනය කිරිම ආණ්ඩුව කරන බව අධිකරණ ඇමතිනි තලතා අතුකෝරල මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ වැලිකඩ බන්ධනාගාරයේ කටයුතු පිළිබදව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට පසුගියදා එක් වෙමින්.

එහිදී තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරිය “ පාතාල ක්‍රියා මර්දනය කිරිම සදහා ප්‍රාදේශීය අධිකරණ පිහිටුවන ලෙස. ඒක කලොත් එහෙම මේ රටට ආපසු අර 2015 ට ඉස්සෙල්ලා ගිය විදිහට ආපසු යන්න වෙනවා .පාතාලයක් මෙහේ තියෙනවා කියලා ඇයි අපි අනන්‍යතාවයක් තහවුරු කර ගන්නේ පාතාල අධිකරණයක් පිහිටුවලා එහෙම දෙයක් නිකමටවත් හිතන්න එපා.පාතාලය මර්දනයට පොලීසිය අධිකරණය ඒකාබද්ධ වැඩ පිළිවෙළක් දියත් කර තිබෙනවා පාතාලය මර්දනය කිරීමේ වගකීම අපි කර ගෙන යනවා පාතාලය මර්දනය කරන්න අපි කටයුතු කර ගෙන යනවා ඒකට පක්ෂයක් නැහැ පාටක් නැහැ ආගමක් නොමැති බව ද අමාත්‍යවරිය සදහන් කළාය.

මෙම අවස්ථාවට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය සාරතී දුෂ්මන්ත මිත්‍රපාල, අමාත්‍යාංශයේ අධික්ෂණ මන්ත්‍රි විජේපාල හෙට්ට්ආරච්චි ,අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එම්. එම් .ආර්. අදිකාරි ,බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු බන්ධනාගාර කොමසාරිස්වරුන් හා නිලධාරීන් එක් විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *