27 April 2024
#Uncategorised

ගුරු වැටුප් දෙන්න දුම්වැටියෙහි මිල රුපියල් 20 කින් වැඩි කරන්න -මන්ත්‍රී බුද්ධිකගෙන් ඉල්ලීමක්

දුම්වැටියක මිල රුපියල් 20 කින් වැඩි කලහොත් වසරකට ආදායම බිලියන 50 ක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (06) පාර්ලිමේන්තුවේ ගුරුවරුන්ගේ වැටුප් සම්බන්ධ ප්‍රශ්ණයේදී මුදල් සොයා ගැනීමේ මාර්ගයක් ලෙසයි.

මන්ත්‍රීවරයා මෙහිදී පැහැදිලි කර සිටියේ දුම්වැටි සදහා 2019 වසරෙන් පසුව මේ රටේ දුම්වැටි මිල ඉහළ නොදමා ඇති බවයි. එසේම ගුරු වැටුප් විෂමතා විසදීමට ආණ්ඩුවට වාර්ෂිකව අවශ්‍ය වන්නේ බිලියන 55 ක් බවත් රුපියල් 20 කින් දුම්වැටියේ මිල ඉහල දැමුවහොත් ආණ්ඩුවට බිලියන 05 ක් වැනි මුදල් පමණයි සොයා ගැනීමට හැකි වන්නේ යැයි මන්ත්‍රීවරයා මෙහිදී පවසා සිටියේය.

ආණ්ඩුවට මුදල් සොයා ගත හැකි මාර්ගයක් තමා පැවසු බව කියමින් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සිය අසුනෙන් වාඩි විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *