• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

උණුසුම් කාලගුණයට මුහුණ දීම !

28 February 2020
in විශේෂාංග

පාරිසරික උෂ්ණත්වය සාමාන්‍ය තත්ත්වයන් ට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක මෙම දිනවල පවතින බව වාර්තා වේ. අධික උෂ්ණත්වය සහ එමගින් මිනිස් සිරුරට සිදුවිය හැකි අහිතකර තත්ත්වයන් පිළිබඳව මාධ්‍ය මගින් විවිධ උපදෙස් ලබා දෙන අතර  ඒ පිළිබඳව නිවැරදිව දැනුවත් වීම වැදගත් ය.

සාමාන්‍යයෙන් ශරීර උෂ්ණත්වය දහදිය දැමීම මගින් පාලනය කරගත හැකිය. එහෙත් පාරිසරික ආර්ද්‍රතාවයද වැඩිවූ විටෙක එම ක්‍රියාවලිය නිසි පරිදි සිදු නොවේ. මෙම දිනවල ශ්‍රී ලංකාවේ පාරිසරික ආර්ද්‍රතාවයද 95% ක් පමණ වැඩි අගයක් ගනී.


අධික උෂ්ණත්වය ඇතැම් පුද්ගලයිනට සමහර විට අහිතකර බලපෑම් ඇති කලහැකිය. ළදරුවන්, අවුරුදු 4 ට අඩු ළමයින්, අවුරුදු 65 ට වැඩි වයස්ගත පුද්ගලයින්, තරබාරු පුද්ගලයින් , අධික ලෙස කය වෙහෙසවන අය සහ රෝගී පුද්ගලයින් විශේෂයෙන් ප්‍රවේසම් වීම වැදගත්ය.

පවත්නා උණුසුම් කාලගුණයෙන් වියහැකි අයහපත් ශාරීරික බලපෑම් අවම කරගැනීමට වැඩියෙන් ජලය පානය කිරීම ප්‍රධානතම පියවරයි. අධිකව කය වෙහෙසවන ක්‍රියාවලදී, සාමාන්‍යයෙන් පිපාසාව සංසිදවා ගැනීමට බොන වතුර ප්‍රමාණයට වඩා වැඩි වතුර ප්‍රමාණයක් බීම අවශ්‍යය. එලෙස කය වෙහෙසවන අවස්ථා වලදී පැයකට වතුර විදුරු 2 ත් 4 ත් ප්‍රමාණයක් ගැනීම සුදුසුය. මෙය විශේෂයෙන්ම ළමයිනට සහ වයස්ගත වුවනට අත්‍යවශ්‍යය. ආහාර වලට සාමාන්‍ය පරිදි එකතු කරන ලුණු මගින් අවශ්‍ය කරනු ලබන ලවන ප්‍රමාණය ලැබෙනු ඇත.

සෑම තරාතිරමක පුද්ගලයින්, විශේෂයෙන් ළමයින්, ශරීරයට දරා ගත හැකි මට්ටමට පමණක් කය වෙහෙසවිම කල යුතුය. ශාරීරික ව්‍යායාමයන් උදැසනට හෝ සවස් කාලයට කිරීම නිර්දේශ කෙරේ. ශාරීරික ව්‍යායාම කරන පුද්ගලයින් විටින් විට ව්‍යායාම නතර කර සෙවන ඇති ස්ථානයක විවේක ගැනීම අත්‍යවශ්‍ය ය.

ළමයින් සහ අනෙකුත් පුද්ගලයින් හැකි සෑම විටම ගෘහස්ථව හෝ ආවරණ සහිත ස්ථාන වල හෝ සෙවන ඇති ස්ථාන වල රැදී සිටීම කල යුතුය. වායු සමීකරණය කල ස්ථානයක් නම් වඩාත් සුදුසුය. විදුලි පංකා ද  භාවිතා කල හැකිය. සිසිල් ජලයෙන් ස්නානය කිරීම හෝ ඇඟ සේදීම මගින් ශරීර උෂ්ණත්වය අඩුකරගත හැකිය. ලා පැහැති, කපු රෙදි වලින් මැසූ ඉහිල් ඇඳුම් ඇඳීම සුදුසුය. සිරුර වැසීමට ප්‍රමාණවත්  අවම ඇඳුම් ඇඳීම ද වැදගත්ය. සිරුර හිරු රශ්මියෙන් ආරක්ෂා කර ගැනීමට තොප්පියක් පැළඳීම ත් , කුඩයක් භාවිතා කිරීමත් සුදුසුය.

මෙවැනි කාලගුණ තත්වයකදී ජනතාව නොකළ යුතු දේ ද තිබේ. උණුසුම් ආහාර හෝ දියර, විශේෂයෙන් උණු තේ  ගැනීමෙන් වැළකිය යුතුය. ඔවුන් වෙනත් අධික රස්නය ට හෝ හිරු රශ්මියට නිරාවරණය නොවිය යුතුය. මනා වාතාශ්‍රයක් නොමැති කාමර තුල හෝ ස්ථානවල නොසිටිය යුතුය. මධ්‍යසාර, අධික සීතල හෝ පැණි රස බීම පානය ඉතා අහිතකරය.

ජනතාව වඩාත් කල්පනාකාරී විය යුතු අවස්ථා ද ඇත. යම් පුද්ගලයෙකු කය වෙහෙසවන අවස්ථාවකදී, අධික තෙහෙට්ටුවක්, පපුවේ ගැස්මක් හෝ හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වේ නම්, වහාම එම ක්‍රියාවලිය නවතා සෙවන ඇති හෝ සිසිල් ස්ථානයක  විවේක ගත යුතුය. තමන්ට හිසේ බර ගතියක් හෝ ක්ලාන්තයක් ඇත්නම් අනෙකුත් අයට දන්වා සිටිය යුතුය.

හිරු රශ්මියට සම රතු විය හැකි අතර කසන්නට පුළුවන. ඇතැම් විට පිළිස්සුම් හෝ බිබිලි මතු විය හැකිය. සන් ක්‍රීම් මගින් ඒවා වලක්වා ගත හැකිය. සමේ කැසිලි විශේෂයෙන් බෙල්ලේ, පපුවේ හෝ පියයුරු ආශ්‍රිතව ඇති වේ. සිසිල් ස්ථානවල සිටීමෙන් හා සම සිසිල් ව තබා ගැනීමෙන් ඒවායින් වැළකීමට පුළුවන. දරුවන්ගේ හිරු රශ්මිය නිසා පිළිස්සුම් තුවාල තිබේ නම්, සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුට පෙන්විය යුතුය.

මස්පිඩු පෙරලීම් ඇතිවිය හැකි අතර එවැනි අවස්ථා වලදී  ලවණ සහිත දියර බීම සහ විවේකිව සිටීම කලයුතුය. සීනි සහිත දියර පානයද කල හැකිය. එහෙත් පැයක් ඇතුලත යථා තත්වයට පත් නොවේ නම්, වෛද්‍යවරයෙකු වෙත යා යුතුය.

අධික උෂ්ණත්වය නිසා සමහරුනට තාප අඝාත (heat strokes) ඇති වීමට පුළුවන. ශරීරයට උෂ්ණත්වය පාලනය කරගත නොහැකිව ගොස් මොළයට සහ ස්නායු පද්ධතියට හානි වීම නිසා තාප අඝාත ඇතිවේ.  තාප අඝාත ශ්‍රී ලංකාවේ ඉතා විරලය.

විශේෂ අවදානම් කාණ්ඩ වල පුද්ගලයින් අධික උණුසුම් කලගුනයකදී වඩා පරිස්සම් විය යුතුය.
ළදරුවන්, අවුරුදු 4 ට අඩු ළමයින් සහ  අවුරුදු 65 ට වැඩි වයස්ගත පුද්ගලයින් උෂ්ණත්ව වෙනස් වීම් වලට ඉතාම සංවේදී අතර තම ශරීර උෂ්ණත්වය නියතව තබා ගැනීම සඳහා අනුන් මත යැපේ .
තරබාරු අයගේ සම යටින් ඇති තෙල් ස්තරය නිසා පහසුවෙන් ශරීර උෂ්ණත්වය අඩු කරගත නොහැකිය.
ළදරුවන්ට  සැහැල්ලු ඇඳුම් අන්දවා සිසිල් ස්ථාන වල තබා ගෙන නිතර නිතර දියර ලබා දිය යුතුය.ඔවුනට උණුසුම් ආහාර හෝ දියර නොදිය යුතුය.

බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් සහ නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීම මගින් මෙවැනි අධික උෂ්ණත්ව කාලගුණයකදී විය හැකි අහිතකර සෞඛ්‍ය  බලපෑම් පහසුවෙන්  වලකා ගත හැකිය.

kapilaප්‍රජා වෛද්‍ය  විශේෂඥ කපිල ජයරත්න
මාතෘ සහ ළමා රෝග සහ මරණ පිළිබඳ ජාතික වැඩසටහන් කළමණාකරු
පවුල් සෞඛ්‍ය කාර්යාංශය   

Post Views: 24
Previous Post

සූරිය වැව ප්‍රේක්ෂකයන්ට පහරදීම : ක්‍රීඩා ඇමති පරීක්ෂණයක් ඉල්ලයි

Next Post

නුවරඑළිය ළය චිකිත්සාගාරයක් ජනතා අයිතියට !

editor

editor

Next Post

නුවරඑළිය ළය චිකිත්සාගාරයක් ජනතා අයිතියට !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved