• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වල් සපුගල වසර හයක අරගලය කියවමු – රවින්ද්‍ර කාරියවසම්

13 April 2021
in විශේෂාංග

වල් සපුගල ගොවි ජනතාවගේ දින 86 ක අඛණ්ඩ සත්‍යග්‍රහය කින් පසුව වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කර ඇත.

මෙය ජනතා ජයග්‍රහණයක් සහ ගොවි ජනතාව වන සතුන් වෙනුවෙන් හා සොබාදහම වෙනුවෙන් ගෙනගිය අරගලයක ප්‍රතිඵලයකි .එමනිසා මෙ ගමන පිළිබඳ කෙටි සටහනක් ලිවීමට උත්සාහ කරමි .

හෙක්ටයාර 23,746ක භූමි ප්‍රමාණයකින් යුතු ප්‍රදේශයක් එම වනඅලි කළමණාකරණ රක්ෂිතය ලෙස නම් කර ඇති අතර එම භූමියේ පිහිටා ඇති හෙක්ටයාර 866 කින් යුත් ගුවන් තොටුපොළ ලෙස නම්කර ඇති භූමි ප්‍රමාණය ඉන් ඉවත් කර තිබේ. මෙයට අදාල ගැසට් පත්‍රය මේ වන විට නිකුත් කර තිබේ . වන සත්ව හා වෟක්ෂලතා අඥාපනතේ 2 වගන්තියෙ දෙවන උපවගන්තිය අනුව අමාත්‍යවරයාට පැවරේන බලතල අනුව 2021 අප්‍රේල් 09 වන සිකුරාදා දින අංක 2222 62 යටතේ මෙම ගැසටි පත්‍රය නිකුත් කර ඇත.

 

වල් හපුගල වන අලි රක්ෂිතයක අවශ්‍යතාවය

 

හම්බන්තොටට වනඅලි රක්ෂිතයක අවශ්‍යතාවය පැන නගින්නේ 2009 වසරේ යුද්ධය අවසන් වීමත් සමඟම ජාතික භෞතික සැලැස්ම ක්‍රීයාත්මක කිරීමට රජය මුලීක වීමත් සමගය . එහි එක් ව්‍යාපෘතියක් ලෙස හම්බන්තොට මහානගර සැලැස්ම ක්‍රියාත්මක විය.එම නිසා හම්බන්තොට සූරියවැව තිස්සමහාරාමය ලුණුගම්වෙහෙර තණමල්විල මේ ප්‍රදේශ ගණනාවක්ම ඉතා සීග්‍ර ලෙස කැලෑ කැපීම සිදුවිය .

විශේෂයෙන්ම පැරණි හමිබන්තොට පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ හම්බන්තොට වරාය, හම්බන්තොට නගරය, ක්‍රීඩා පිටි, මත්තල ගුවන්තොටුපල, සම්මන්ත්‍රණ ශාලා ,හෝටල්, අධිවේගී මාර්ග ආදී විශාල ඉදිකිරීම් සඳහා කැළෑ ඉඩම් අත්පත් කරගැනීම සිදුවිය .

2006 වැනි කාලවලදී ඉතාමත් කැලෑබදව තිබූ ප්‍රදේශ විශාල ලෙස එළි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කයේ අලි මිනිස් ගැටුම ඉතාමත් දරුණු ලෙස වර්ධනය විය .ඒ අනුව 2006 වර්ෂයේදී සාදන ලද වන අලි කළමනාකරණ කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව මෙවන් අලි මිනිස් ගැටුමට ගොදුරුවන ප්‍රදේශ වල අලි කළමනාකරණ කලාප ඉදි කිරීමේ ප්‍රතිපත්තියක් එළිදැක්වෙන ලදී .

ඒ අනුව හම්බන්තොට දිස්ත්රික්කයේ වන අලි කළමනාකරණ රක්ෂිතය යෝජනා වූ අතර . බහුතර ඉඩමි ප්‍රමාණයක් චීන ව්‍යාපෘති වලට ලබාදිම හා ව්‍යාපාරීක අවස්ථාවලට ලබාදීමේ අවශ්‍යතාවය මත හම්බන්තොට වනාතර ඉඩමි කොල්ල කෑම පසුගිය වසර දෙලහ තුල වැඩි වශයෙන් සිදුවිය . එහි ප්‍රතිපලයක් ලෙස වන අලි ඇතුලි සතුන්ගේ වාස භූමි අහිමි වීම ,අලි මිනිස් ගැටුම් වර්ධනය විමී ,ප්‍රදේශයේ පුරාණ වාරි පද්ධතිය විනාශ වී යාම හා ජලය සතුන්ට හා ගොවි බිමිවලට හිගවීම , වනානත්ර ආශ්‍රීත ආර්ථිකය ගොඩ නගාගන සිටි ජනතාවද දුප්පත්කමේ අන්තයට ඇද වැටීම සිදුවිය

මෙම තත්වයන් පදනම් කරගනිමින් හා එහි පිඩාව දැනුන ජනතාව දෙදහස් පහළව වසරේ සිට වන අලි රක්ෂිතය ප්‍රකාශයට පත්කර කැලෑ ප්‍රදේශය ආරක්ෂා කරන ලෙස විවිධ අරගල ගෙන ගිය අතර අවසාන දින අසුහයට පෙර වසර හයක් එම අරගලය අඛණ්ඩව ගෙන යන ලදී. සංවර්ධනයෙන් වඩා පිඩාවට පත්වූ ගොවි ජනතාව දෙදහස් නවය වැනි වසර වලදී සංවර්ධන සිහිනය දැක එයට අනුමැතිය දුන්නද එම සිහිනය බිද වැටී එයින් පිඩාවට පත්වන විට ඒ වෙනුවෙන් අරගල කර තමන්ට හා වන සතුන්ට ජයග්‍රණ ලබාදීම ඉතාමත් වටි.

සංවර්ධනයට අත එසවු ජනතාව එය වෙනුවට කැලෑ ඉල්ලා අරගල කලේ ඇයි

හම්බන්තොට ජනතාවගේ ආර්ථිකය සම්පුර්ණ වශයෙන් ගොඩ නැගී තිබුනේ කෘෂි කර්මය හා වනාන්තර පදනමි කරගනිමින්ය. විශාල ලෙස වනානතර අහිමි විමත් සමගම වන සතුන්ට වාසස්ථාන අහිමි වුවා පමණක් නොව මිනිසුන්ගේ ආර්ථිකය බරපතල ලෙස කඩා වැටුන අතර බරපත පොෂණ ඌණතාවයන්ට හා දුප්පත් කමේ අන්තයට අද වන විට මිනිසුන් වැටි ඇත.

වනාන්තරයෙන් ලැබූ ආර්ථිකය හා පෝෂණය අහිමිවිමත් ,කාබන් ප්‍රමාණය ඉහළයාම නිසා උෂ්නත්වය වැඩි විමත්, ජල හිගයන් වලට මුහුණ දිමත් ඒ සියල්ල සමගින් අලි මිනිස්ගැටුමට ගොවි ජනතාව මුහුණ දීමත් යන සියල්ල එක් වී මෙම අරගලය ආරම්භය සනිටුවහන් කෙරුණේ දෙදහස් පහළව වසරෙදිය.

වනාන්තර අහිමි වීම නිසා තමන්ගේ ජීවිත වලට එල්ලවී ඇති බලපෑම ජයගත හැක්කේ වනානත්ර රකින ලෙස රජයට බලකිරමින් අරගල කිරීම බව වටහා ගත් ගොවි ජනතාව සංවර්ධනයට කියා දුන් අවසරයට දුන් මනාපයෙන් වනාන්තර අහිමිවීම හා එහි පිඩාව මනාව වටහා ගන එයට විරුද්ධව පෙළ ගැසීම පැසසිය යුතුය .

1986 සංවර්ධනයට ඇති අයිතිය පිළිබඳ ප්‍රකාශනයෙහි පළමු වෙනි වගන්තියෙහි දැක්වෙන්නේ සංවර්ධනය වීම සඳහා ඇති අයිතිය අහිමි කළ නොහැකි මානව අයිතිවාසිකමක් බවයි. මෙම ප්‍රකාශනයට ජාත්‍යන්තර ප්‍රජාවගේ අතිමහත් සහයෝගයක් ලැබුණි.

1992 රියෝ ප්‍රකාශනයේ 3 වන මූලධර්මය මගින් සංවර්ධනයට ඇති අයිතිය සපුරාලීමේ අවශ්‍යතාව නැවත වරක් සහතික කෙරිණි. සංවර්ධනය යනුවෙන් අදහස් කරන්නේ ඇත්ත වශයෙන්ම එය සංවර්ධනය උදෙසාම හෝ එමගින් බිහි කරන ආර්ථික ප්‍රතිලාභ උදෙසාම ක්‍රියාත්මක වන දෙයක් නොවන බව සංවර්ධනය මානව ඉතිහාසයේ සිට සිදුවු යම් යම් ආකාරයන්ගෙන් හඳුනා ගත හැකිය.

එහෙයින් සියළුම ජනතාවන්ට සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමටත් ඒවායෙහි ප්‍රතිලාභ භුක්ති ඳීමටත් අයිතියක් ඇති අතරම එබඳු ව්‍යාපෘති මගින් පරිසරයට ප්‍රතිනිර්මාණය කළ නොහැකි හානියක් සිදු නොවන තැනට වගබලා ගැනීම සම්බන්ධයෙන් එකි රාජ්‍යයන් මෙන්ම ජන සමාජයද වග බලා ගත යුතුය.

එම නිසා රජය විසින් සොබාදහම වෙනුවෙන් කලයුතු යුතුකමි ඉල්ලා මනාව ඉතිහාසය පුරා මිනිසුන් අරගල කරන ලද අතර එවැනි බොහෝ අරගල ජනතා ජයග්‍රහණයන්ගෙන් නිම කිරීමට ජිවිතයෙන් අරගල කල සැමට හා වල්සපුගල ගොවි ජනතාවට අප හිස නාමා ආචාර කරමු.

 

රවින්ද්‍ර කාරියවසම්
පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය

 

 

 

 

 

Post Views: 70
Previous Post

ගෝඨාට නහයේ දුරවත් පෙන්නේ නෑ – ජවිපෙ අනුර කියයි

Next Post

අධිවේගි මාර්ගයේ ගිය අපරික්ෂාකාරිව ගිය තරුණයින් අත්අඩංගුවට

editor

editor

Next Post

අධිවේගි මාර්ගයේ ගිය අපරික්ෂාකාරිව ගිය තරුණයින් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved