“ හෙට අභියෝගයට අද සුදානම් වෙමු” “සාරවත් මැදරට බිම් අස්වද්දමු ’’තේමාව ඔස්සේ සිදු කරන ගෙවතු වැඩසටහනට යටතේ නොමිලයේ කාබනික පොහොර ලබා දිමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව මාතලේ නියෝජ්‍ය නගරාධිපති අමිල නිරෝෂන මහතා පවසයි.
මුලතිව් මාන්චෝලෙයි ප්‍රදේශයේ සහ වව්නියා පාවට්කුලම් ප්‍රදේශයේ ජනතාවගේ මෙන්ම සෞඛ්‍ය බලධාරින්, රෝහල් කාර්යය මණ්ඩලය කල ඉල්ලීම මත ඒ ඒ ප්‍රදේශවල රෝහල් සඳහා අවශ්‍ය නව ගොඩනැගිලි 2 ක් ඉදි කිරීම් ආරම්භ කිරීමට ග්‍රාමීය ආර්ථික භෝග වගා හා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන් මහතා විසින් පසුගියදා මුල් ගල තබන ලදී.
උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඕවිලිකන්ද කිතුල් ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් සාම්ප්‍රදායික කර්මාන්ත නගා සිටුවීම හා එම නිෂ්පාදකයින් තවදුරටත් සවිබල ගැන්වීමේ අරමුණින් සඵල ගමක් නම් වූ සුවිශේෂී ව්‍යාපෘති වැඩසටහන මේ වන විට එම කලාපයේ සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.
ග්‍රාමීය මට්ටමින් ජනතාවගේ ආර්ථිකය ඉහල නැංවීමට සහ නව බෝග වගාවන් හඳුන්වා දෙමින් ආහාර නිෂ්පාදනයට යම් සහයක් ලබා දීම සම්බන්ධයෙන් ග්‍රාමීය ආර්ථික භෝග වගා හා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය පසුගියදා සාකච්ඡාවක් පැවැත්විණි.
ඉදිරියේ ඇති විය හැකි ආහාර අර්බුදයට පිළියම් ලෙස ගෙවතු මට්ටමින් වගා කටයුතු සිදු කරන මාතලේ මහ නගර සභා සිමාවේ ජනතාවට පොහොර සහ බිජ ලබා දිමේ වැඩපිළීවෙලක් සකස් කර ඇති බව මාතලේ නියෝජ්‍ය නගරාධිපති අමිල නිරෝෂන මහතා පවසයි.
සංචාරකයන්ගේ ආසියානු ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත් කළ හැකි අතර එයට ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන් මගින් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට සැලසුම් සකස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
මාතලේ ප්‍රාදේශිය සභාව මගින් සිදු කරන “සභාපති ජංගම සේවා “වැඩසටහන ඉකුත්දා පලාපත්වල උඩුගම වසම ආවරණය වන පරිදි උඩුගම ශ්‍රී කුලතුංගාරාමයේදි පැවත්විණි.
බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේ අලුතෙන් ඉදිකරන ලද අට මහල් වාට්ටු සංකීර්ණය හෙට (24) ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.
ශ්‍රි ලංකා මහවැලි අධිකාරියට අයත් ලග්ගල, ගුරුවෙල ආදර්ශ ගොවිපලට නව අන්නාසි ප්‍රභේදයක් හදුන්වා දීම පසුගියදා සිදුවිය.
සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ක්‍රියාත්මක "ජාතික පාසල් දහසක්" වැඩසටහන යටතේ මේ වසර අවසානය වන විට සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ජාතික පාසල් 542ක් පාසල් පද්ධතියට එක් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.