අවුරුදු 3 ½ ක් මේ ආණ්ඩුව දැන් රට පාලනය කරන බවත් නමුත් ආණ්ඩුව සම්බන්ධයෙන් හොදක් නම් අහන්න නොලැබුණ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක වාරි මාර්ග, ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
පළාත් පාලන සභිකයන් ගණන වැඩිවීමෙන් ඔවුන් සියලු දෙනා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලට සහභාගී වීම ගැටළුවක් විය හැකි බැවින් ඒ පිළිබඳ නව චක්‍රලේඛයක් නිකුත් කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අර්ථසාධක අරමුදලත් ඇතුලූ එහි අරමුදල්වල බරපතල වංචාවක් සිදුවී තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
මේ වන විට වෙළදපොලේ බිත්තර මිල සීග්‍රයෙන් වැඩි වී ඇති අතර එහි පිටුපස විශාල මාෆියාවක් සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
ශ්‍රී ලංකා රාජ්‍ය හා සිංගප්පූරු රජය අතර අත්සන් කෙරුණු වෙළඳ ගිවිසුම පිළිබඳ දිනෙක විවාදයක් දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
වසර 3 පුරාම සිදු කළේ එකී පච බේගල් නැවත නැවතත් වැපිරීම මිස අන් යමක් නොවන බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.