ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි සහ කැනඩා අග්රාමාත්ය මාර්ක් කාර්නි (Mark Carney) අතර විශේෂ දුරකථන සංවාදයක් පවත්වා ඇති අතර, එහිදී දෙරට අතර වෙළෙඳ, බලශක්ති, තාක්ෂණ, ආරක්ෂක සහ යුධමය සහයෝගීතාව පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
2030 වසර වන විට දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම දෙගුණයක් කිරීමේ ඉලක්කයට සහය දක්වමින්, සම්පූර්ණ ආර්ථික සහකාරිත්ව ගිවිසුම සඳහා වන සාකච්ඡා හැකි ඉක්මනින් අවසන් කිරීමට නායකයින් දෙදෙනා මෙහිදී එකඟ වී ඇත. සංවාදයෙන් පසු එක්ස් (X) ගිණුමේ සටහනක් තබමින් අග්රාමාත්ය මෝදි සඳහන් කළේ, උපායමාර්ගික සහකාරිත්වයේ ප්රධාන ක්ෂේත්රයන්හි ප්රායෝගික ප්රතිඵල උදෙසා එක්ව කටයුතු කිරීමට එකඟ වූ බවයි. මුදල්, ආරක්ෂක, ජනතා සබඳතා සහ කෘතිම බුද්ධිය ඇතුළු ක්ෂේත්ර ගණනාවක පසුගිය වසර තුළ ඇති වූ වර්ධනය කැනඩා අග්රාමාත්ය කාර්යාලයද මෙහිදී අගය කර තිබේ.














