ලබන අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – ඉන්දීය දෙදින ටෙස්ට් තරගාවලියට පෙර ඉන්දීය පිරිමි ක්‍රිකට් කණ්ඩායම කොළඹ NCC (Nondescripts Cricket Club) ක්‍රීඩාංගණයේදී සිව්දින පුහුණු තරගයකට එක්වීමට නියමිතයි.
තරග සංචාර කාලසටහනට අනුව මෙම පුහුණු තරගය අගෝස්තු 07 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වෙන අතර, අනතුරුව ඉන්දීය කණ්ඩායම පළමු ටෙස්ට් තරගය සඳහා ගාල්ල බලා පිටත්ව යනු ඇත.
ICC ලෝක ටෙස්ට් සූරතාවලියට (2025–27) අයත් පළමු ටෙස්ට් තරගය අගෝස්තු 15 සිට 19 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත්, දෙවැනි ටෙස්ට් තරගය අගෝස්තු 23 සිට 27 දක්වා කොළඹ SSC (Sinhalese Sports Club) ක්‍රීඩාංගණයේදීත් පැවැත්වේ.
මෙම තරගාවලිය සඳහා පුහුණුවීම් ආරම්භ කිරීමට ඉන්දීය කණ්ඩායම අගෝස්තු 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
















