ජපානයේ E10 දුම්රියට සමාන වන අයුරින් පැයට කිලෝමීටර් 350 ක උපරිම වේගයක් ළඟා කරගත හැකි ‘B35‘ නම් අධිවේගී බුලට් දුම්රියක් නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියානු දුම්රිය අංශය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. විදේශීය තාක්ෂණය මත යැපීම අවම කරමින් දේශීයව දුම්රිය තාක්ෂණය දියුණු කිරීමේ ඉන්දීය රජයේ සැලැස්ම යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
2030 වන විට මෙම දේශීය බුලට් දුම්රියන් සහ ඒවාට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ඉන්දියාව අපේක්ෂා කරයි. මුම්බායි – අහමදාබාද් අධිවේගී දුම්රිය (MAHSR) ව්‍යාපෘතිය සඳහා වැඩි කළමනාකරණ බජට් එකක් මධ්‍යම කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති අතර, කිලෝමීටර් 508 ක දුරකින් යුත් මෙම මාර්ගය ගුජරාට්, මහාරාෂ්ට්‍ර සහ දාද්රා සහ නගර් හවේලි හරහා ගමන් කිරීමට නියමිතය. මෙයට අමතරව, පැයට කිලෝමීටර් 280 ක වේගයෙන් ධාවනය කළ හැකි ‘B28‘ දුම්රිය කට්ටල ද අඛණ්ඩව සංවර්ධනය කෙරෙමින් පවතී.
















