මෙරට ඩෙංගු මර්දනය සඳහා ‘ටෙක්නිකල් මැලතියන්’ තොගය මෙරට ඉන්දීය මහ කොමසාරිස් සංතෝෂ් ජා මහතා විසින් අද (04) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත නිල වශයෙන් භාර දී තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කළ ඉල්ලීමකට අනුව මෙම මැලතියන් ලබාදීමට ඉන්දියාව පියවර ගෙන ඇති අතර, ඒ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉන්දීය මහ කොමසාරිස්වරයා වෙත සිය ස්තූතිය පළ කර ඇත.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කර ඇත්තේ, මෙරට ඩෙංගු මර්දනය සඳහා මෙවැනි මැලතියන් භාවිත කරන ප්‍රථම අවස්ථාව මෙය වන බවයි. ඩෙංගු රෝගීන් වැඩිවීමේ සීඝ්‍රතාව ක්‍රමයෙන් අඩුවෙමින් පවතින මෙම පසුබිමක, මෙම මැලතියන් තොගය ලැබීම ඩෙංගු මර්දන කටයුතු සඳහා විශාල සහයක් වනු ඇති බවත්, ජනතාවගේ උනන්දුව ද මේ වන විට පෙරට වඩා වැඩි වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.














