කොළඹ නගරයේ උපායමාර්ගිකව ස්ථාපිත කොට ඇති රජයට අයත් බංගලා දේපළ, ඵලදායී පෞද්ගලික අංශ ආයෝජනයක් ලෙස ඒවායේ ආර්ථික සම්භව්‍යතාවය මුදා හරිනු වස් උනන්දුවක් දක්වන ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවීමට රජය තීරණය කර තිබෙනවා.
මෙම බංගලා වත්කම් සිල්ලර වෙළෙඳාම, බුටික් ස්වීට්ස් කැෆේ ආයතන හා අවන්හල් ලෙස භාවිතය සඳහා සුදුසුකම් ලත් ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවනු ලබන බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව කොළඹ 05 ස්ටැන්මෝර් චන්ද්‍රවංකය, පැජට් පාර සහ ස්කෙල්ටන් පාර යන ලිපිනයන්හි පිහිටි රජයේ බංගලා 6ක් වෙනුවෙන් මෙම ආයෝජන යෝජනා කැඳවීම සිදු කෙරේ.














