උඩවලව කාප් ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානය මඟින් රත්නපුර දිස්ත්‍රික්කයේ සමනල වැවෙහි මත්ස්‍ය සම්පත වර්ධනය කිරීමේ අරමුණින් රෝහු මත්ස්‍ය ඇඟිල්ලන් 40,000ක ප්‍රමාණයක් නිකුත් කර තිබේ. දේශීය ධීවර කර්මාන්තය නංවාලීම සහ ජලජ සම්පත සංරක්ෂණය කිරීමේ වැඩසටහනක් ලෙස මෙම මත්ස්‍ය ඇඟිල්ලන් තොගය වැවට මුදා හැරීම සිදු කර ඇත.














