කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම නිවේදනයකට අනුව, හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
මෙම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා ඉහළ යා හැකි බවත්, එම තත්ත්වය හෙට (18) දක්වා වලංගු වන බවත් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරත වන ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් සහ සූදානමින් පසුවන ලෙස රජය දැනුම් දෙයි.
















