අඩු උසකින් පියාසර කරන ජෙට් යානා, හෙළිකොප්ටර් සහ ඩ්‍රෝන යානා ඉලක්ක කර බිම හෙළීම සඳහා සකස් කරන ලද චීන නිෂ්පාදිත උරහිසෙන් ක්‍රියාත්මක කරන ගුවන් ආරක්ෂක විමෝචක (shoulder-fired air-defense launchers) 400ක් දක්වා වූ පළමු තොගය ලබා ගැනීමට ඉරානය දින කිහිපයක් පමණක් දුරින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.
ඩොලර් මිලියන 60ත් 70ත් අතර අගයකින් යුත් මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් තොරතුරු මූලාශ්‍ර තුනක් තහවුරු කර ඇති අතර, ඉරානයට මෙම ගුවන් ආරක්ෂක උපකරණ තොගයක් යැවීමට චීනය සූදානම් වන බවට ඇමරිකානු බුද්ධි අංශ විසින් පසුගිය වසන්ත සමයේදී තොරතුරු අනාවරණය කරගෙන තිබුණි.
කෙසේ වෙතත්, මෙම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇති බීජිං පාලනය ප්‍රකාශ කර ඇත්තේ තමන් සැමවිටම කටයුතු කරන්නේ සාමයේ නාමයෙන් පමණක් බවයි. එසේම, මෙම අවි ප්‍රවාහනය සඳහා ප්‍රවාහන මාර්ගය ලෙස භාවිතා කළ බවට චෝදනා ලැබ සිටින පාකිස්තානය ද සිය භූමිය ඊට කිසිදු ආකාරයකින් සම්බන්ධ නැති බව තදින්ම කියා සිටී. කෙසේ වෙතත්, පාර්ශ්වයන් කොතරම් එය ප්‍රතික්ෂේප කළ ද මේ සම්බන්ධයෙන් මතුව ඇති සැක සංකා රැසකි.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X),Reuters,CNN ඇසුරින්














