එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසියට සමගාමීව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා එක්සත් ජාතීන්ගේ සයිබර් අපරාධ පිළිබඳ සම්මුතියට අත්සන් තබා තිබේ. මෙම සම්මුතිය ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කරමින් වඩාත් ආරක්ෂිත ඩිජිටල් අනාගතයක් සඳහා දායක වනු ඇති බව ජයිශංකර් මහතා සඳහන් කර ඇත. එක්සත් ජාතීන්ගේ ගිවිසුම් වාර්තාවලද ඉන්දියාව සැප්තැම්බර් 25 වැනිදා එම සම්මුතියට අත්සන් කළ බව තහවුරු කර තිබේ.
මේ අතර, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සමගාමීව පැවති ඉන්දියා–ගල්ෆ් සහයෝගිතා කවුන්සිල හමුවේදී දෙපාර්ශවය අතර සහයෝගිතාව සහ නිදහස් වෙළඳ ගිවිසුම් සාකච්ඡා ආරම්භ කිරීම පිළිබඳවද අවධානය යොමු කර තිබේ. වෙළඳාම, ආයෝජන, බලශක්තිය සහ අනෙකුත් ක්ෂේත්රවල සහයෝගිතාව තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වූ බව වාර්තා වේ.
ජයිශංකර් මහතා සඳහන් කර ඇත්තේ ඉන්දියාව සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය අතර ආර්ථික සහයෝගිතාව පුළුල් කිරීම සඳහා මෙම සාකච්ඡා වැදගත් වන බවයි. ඉන්දියාව විසින් සයිබර් අපරාධ සම්මුතියට අත්සන් තැබීමත් සමඟ එම සම්මුතියේ අත්සන්කරුවන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇති අතර, සම්මුතිය තවමත් බලාත්මක වී නොමැති බව එක්සත් ජාතීන්ගේ ගිවිසුම් වාර්තා සඳහන් කරයි.
















