2026 ආසියානු ක්රීඩා උළෙලේ පිරිමි ක්රිකට් තරගාවලියේ අවසන් තරගයට ඉන්දියාව සහ පාකිස්ථානය සුදුසුකම් ලබා තිබෙනවා. මෙය ආසියානු ක්රීඩා උළෙලක පිරිමි ක්රිකට් රන් පදක්කම් තරගයකදී දෙරට හමුවන පළමු අවස්ථාව ලෙස වාර්තා වේ.
අද පැවති අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව පළමුව පන්දුවට පහර දෙමින් පන්දුවාර 20කදී කඩුලු 7කට ලකුණු 169ක් රැස් කළ අතර, ඉශාන් කිෂාන් නොදැවී ලකුණු 80ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 9.5කදී ලකුණු 45කට දැවී ගිය අතර, ඉන්දියාව ලකුණු 124ක ජයක් වාර්තා කළා.
අනෙක් අවසන් පූර්ව තරගයේදී පාකිස්ථානය බංග්ලාදේශය කඩුලු 6කින් පරාජය කර අවසන් තරගයට පැමිණියා. ඉන්දියාව සහ පාකිස්ථානය අතර රන් පදක්කම් තරගය ඔක්තෝබර් 3දා ජපානයේ නිෂින්හි Korogi Sports Parkහිදී පැවැත්වීමට නියමිතයි.
















