පසුගිය මාස දෙක තුළ මත්ද්රව්ය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තා 17,506ක් නිකුත් කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
අමාත්යවරයා සඳහන් කළ පරිදි, අගෝස්තු මාසයේදී වාර්තා 9,061ක් සහ සැප්තැම්බර් මාසයේදී වාර්තා 8,445ක් නිකුත් කර තිබේ. මෙම සංඛ්යා අනුව මාස දෙකේ එකතුව 17,506කි.
බන්ධනාගාර තදබදය අඩු කිරීම සඳහා රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ක්රියාවලිය කඩිනම් කිරීමටත්, ඒ සඳහා අවශ්ය නීති සංශෝධන සිදු කිරීමටත් කටයුතු කරමින් සිටින බවද අමාත්යවරයා සඳහන් කළේය.
















