සූර්ය බලශක්ති කර්මාන්තයට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් වන පොලිසිලිකන් දේශීයව නිෂ්පාදනය කිරීම ඉලක්ක කර ගනිමින් නව නිෂ්පාදන සම්බන්ධිත දිරිගැන්වීම් වැඩසටහනක් හඳුන්වාදීමට ඉන්දියාව සූදානම් වේ.
දැනට ඉන්දියාව සිය පොලිසිලිකන් අවශ්‍යතාව සම්පූර්ණයෙන්ම චීනයෙන් ආනයනය කරන අතර, මෙම නව වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ එම ආනයන මත පවතින යැපීම අවම කිරීමයි. 2030 වසර වනවිට ෆොසිල නොවන ඉන්ධන මත පදනම් වූ ගිගාවොට් 500ක විදුලි නිෂ්පාදන ධාරිතාවක් ළඟා කර ගැනීමේ ඉලක්කය යටතේ සූර්ය බලශක්ති ව්‍යාපෘති වේගයෙන් පුළුල් කරන ඉන්දියාව, දේශීය නිෂ්පාදන හැකියාව ඉහළ නැංවීමට මේ හරහා වැඩි අවධානයක් යොමු කර ඇත.
යෝජිත නව දිරිගැන්වීම් වැඩසටහන යටතේ ගිගාවොට් 10කට වැඩි නිෂ්පාදන ධාරිතාවක් ආවරණය කිරීමට අපේක්ෂිත වුවද, ඒ සඳහා වෙන් කිරීමට නියමිත මූල්‍ය දිරිගැන්වීමේ ප්‍රමාණය මෙතෙක් හෙළි කර නොමැත.
















