ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු රේගු සංගමය (SACU) අතර වෙළෙඳ ගිවිසුමක් සඳහා වන සාකච්ඡා යළි ආරම්භ කිරීමට දෙපාර්ශ්වය එකඟ වී තිබේ. ඒ සඳහා අවශ්‍ය සාකච්ඡාවල විෂය පථය සහ ක්‍රියාපටිපාටිය ඇතුළත් එකඟතා ලේඛනයකට අගෝස්තු 13 වන දින අත්සන් තබා ඇත.
දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, නැමීබියාව, ලෙසොතෝ සහ එස්වාටිනි යන රටවල් SACU සංවිධානයට අයත් වේ. මෝටර් රථ, ඖෂධ, කාර්මික යන්ත්‍රෝපකරණ, විදුලි උපකරණ, රසායනික ද්‍රව්‍ය සහ රෙදිපිළි ඇතුළු භාණ්ඩ සඳහා අදාළ රටවල වෙළෙඳ බදු අඩු කර ගැනීම ඉන්දියාවේ අපේක්ෂාවයි. මීට පෙර 2002 සිට 2010 දක්වා වට පහක් යටතේ මෙම සාකච්ඡා පවත්වා තිබුණද, කිසිදු එකඟතාවකින් තොරව ඒවා අවසන් වී තිබිණි. කෙසේ වෙතත්, මෙම නව ගිවිසුම හරහා මිලියන 65කට අධික ජනගහනයක් සහිත දකුණු අප්‍රිකානු වෙළෙඳපොළට ඉන්දීය සමාගම්වලට පුළුල් ප්‍රවේශයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















