ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩබිම් සම්බන්ධතාවක් ඇති කිරීම සඳහා යෝජනා කර ඇති කිලෝමීටර් 30ක් දිගු පාලම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව සූදානමින් සිටින බව අදාළ ක්ෂේත්‍රය පිළිබඳව දැනුමැති ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.
ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් මූලිකව යෝජනා වූ මෙම ව්‍යාපෘතියේ ඇති වාසි සහ ආර්ථික ප්‍රතිලාභ පිළිබඳව ඉන්දියාව මේ වන විට දැඩි අවධානයක් යොමු කර ඇත. මෑතකදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ද සඳහන් කළේ, දෙරට අතර ගොඩබිම් සම්බන්ධතාවක් නොමැති වීම විශාල අඩුවක් බවයි. රාමේශ්වරම් සහ තලෛමන්නාරම අතර මෙම දොරටුව විවෘත කිරීම මඟින් ශ්‍රී ලංකාවට කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට පත්විය හැකි බවත්, ඒ සඳහා ‘පසුබට වීමට කාලය අවසන්’ බවත් ඔහු අවධාරණය කළේය.
මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඉංජිනේරුමය තාක්ෂණය ලොව පුරා පවතින බවත්, එහි ආර්ථිකමය වාසි නිසැකවම දෙරටටම අත්කර ගත හැකි බවත් ඉන්දීය පාර්ශ්වය පෙන්වා දෙයි. ශ්‍රී ලංකා රජයේ නිල අනුමැතිය ලැබුණු වහාම ව්‍යාපෘතියේ මූලික පියවර ආරම්භ කිරීමට ඉන්දියාව සූදානමින් සිටී.
















